Latest News

Ads

Friday, December 26, 2014

ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල වෙබ් බ්‍රව්සරය


ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල වෙබ් බ්‍රව්සරය







අප කවුරුත් දන්නා පරිදි ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල දැක්වීමක් නැත. එයට විසදුමක් ලෙස "Siyalu" වෙබ් බ්‍රව්සරය නිපදවා ඇත. මේ සදහා සිංහල fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.100% ම නොමිලේ බා ගැනීමටද පුළුවන්.


Screen Shots:


Download:





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)


Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)








ගෙදර TV එකේ Remote එක නැති වෙලාවට, අපිට මේක Use කරන්න පුළුවන්. මේකෙන් අපිට TV විතරක් නෙමෙයි තවත් ගොඩක් දේවල් වලට Remote එකක් විදියට use කරන්න පුළුවන්,
example එකක් විදියට අපිට phone එකෙන් TV 1,





On/Off කරන්න
Channel මාරු කරන්න
Volume අඩු වැඩි කරන්න.
TV ---AV
Menu හරහා සියලුම වෙනස්කම් කරන්න පුළුවන්





Remote එකක signal යවන්න අවශ්‍ය වෙන්නේ Infrared technology එක.
ඒ නිසා මේකට Infrared තියන අලුත් වර්ගයේ Phone එකක් අවශ්‍ය වෙනවා. දන්න විදියටනම් මේක කරන්න පුළුවන් Galaxy S4, S5, Note 3 වගේ phone වල විතරයි..
වැඩේ කරන්නේ මෙහෙමයි.
01. Watch-On TV App එකට යන්න
මෙහෙම Message එකක් අවොත් කියන්නේ ඔයාගේ Phone එකේ Data on කරන්න කියලා. (ආවේ නැත්නම් අවුලක් නෑ)
Data On කරන්න.


Connect දෙන්න







03. දැන් ඔයාගේ රට තෝරන්න එනවා.



මෙතනින් ඔයාගේ රට තෝරන්න. (ලංකාවේ අයටනම් තෝරන්න වෙන්නේ "Other countries/regions" කියන එක.



05. දැන් ඔයාට Remote එක හදන්න අවශ්‍ය මොකටද කියලා අහනවා. ඒක දෙන්න. (Example එකක් විදියට TV කියන එක මං අරගෙන තියනවා)




06. දැන් TV එකේ Model එක අහනවා. මෙතන ඔයාගේ TV Brand එක නැත්නම් "Show Other Brands" දෙන්න.




07. දැන් Phone එක TV එක පැත්තට හරවලා Power button එක click කරන්න.

08. එතකොට ඔයාගේ TV එක On වුනානම් පහල රුපයේ විදියට "Yes, this code works" option එක දෙන්න. එහෙම නැත්නම් "No, test next code" දෙන්න.

09. හරි code එක හොයාගෙන Add කරගන්න.

10. මෙතනින් Done දෙන්න.

11. දැන් වැඩේ ගොඩ නේද?





දැන් මේ Button වැඩද කියලා check කරලා බලන්න.











12. ගෙදර TV එකට අමතරව DVD එකටත් Remote එක හදාගන්නවනම් ඒ දෙකම අපිට එක Phone එකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ එක එකට වෙන වෙනම Profile හදන්න.










DOWNLOAD NOW



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Android දුරකතනයක් රූට් කරන ආකාරය (VRoot_1.6.0.3689)



Android දුරකතනයක් රූට් කරන ආකාරය (VRoot_1.6.0.3689)





ඕනෑම Android දුරකතනයක් එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..



අප මීට පෙර ලිපියකින සදහන් කරනු ලෑබුවා කිරීමෙන් ඈති වාසි සහා අවාසි පිළිබදව.අද අපි කිරිමේ ලේසීම ක්‍රමය තමා කියල දෙන්න යන්නෙ.මෙක ගොඩ දෙනෙක් දන්නවා.මෙක ගොඩක් වලට හරියනවා.පහත සදහන් වන්නේ අප අත්හදා බලා අති දුරකතනය.
SONY P
SONY u
sony s
xperia mini pro
samsung galaxy s2
Samsung Galaxy Ace
sony j
dialog i35
huawei y210d
galaxy note 2
sony xperia tipo
Samsung Galaxy SL(i9003)
SE Live with walkman
htc wildfire
galaxy s advance
G300
xperia mini pro
samsung galaxy s2 SHV-E120L
Xperia L
htc one x
sky vega a800s
micromax A110 Q canvas2
huawei ideos s7-105 tab
Galaxy S3
Y300
Sony E
note N7000
Galaxy Y
LG L5
Lg L7
Sony Ray
Sony Sola
Sony V
x8
xperia X10
galaxy s duos
galaxy pocket plus
galaxy s (anycall)

මේක කරන්න නම්

ෆෝන් එකේ USB ඩේබුන්ග් on කල යුතුයි.
ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන


මෙකෙන් downloaad කරගන්න(5MB)


Downloadකරනා අකරය මෙම Link එක search bar එකට copy කරන්න search කරන්න.






ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන් සෙටප් එක ඕපන් කරන්න.

මෙන්න මේ විදියට එයි..






දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )
4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.






ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි...












මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..


දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,






දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,



ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..

මේ ක්‍රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක,සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි


මේ ක්‍රමය තුලින් 4න් 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්‍රමාද /බය නැතුව කරන්න

තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි. කරලා හොද නරක බලන්නකෝ




මෙම ක්‍රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Android Device Root කිරීම යනු කුමක්ද


Android Device Root කිරීම යනු කුමක්ද
(සවිස්තරාත්මක ලිපිය)







මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?

සරළව කියන්න ඔන නිසා මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins ( privileges ). ෆොන් වලත් එහෙම තමා. අපිට සාමාන්‍යයෙන් එන්නේ guest නැත්නම් අඩු privilege level එකක් තියන login එකක්. මේ යටතේ අපිට soltware (apps) install කරන්න එහෙම පුළුවන්. ඒත් ෆෝන් එකේ අභ්‍යන්තර දේවල් ( Core OS එකේ දේවල් ) වෙනස් කරන්න බෑ. ෆොන් එක root කරනවා කියන්නේ අන්න ඒ වගේ Admin privileges තියන user ව enable කර ගන්නවා වගේ වැඩක්. රූට් කියන්නේ ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියන (default) එක user account එකක්. Android කියන්නේ linux ගණයට වැටෙන OS එකක් නිසා root කියන user ව අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් ෆෝන් එක එනකොට ඒ user ව අපිට පාවිච්චි කරන්න බැරි විදියට lock කිරීමක් වගේ දෙයක් කරලා තමා එන්නේ. රූට් කරන එකෙන් අපි කරන්නේ මේ root user ව ආයිත් පාවිචියට ගන්න එකයි.




රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?

රූට් කලාම ඇත්තටම වෙන්නේ ෆොන් එකේ super privileges තියන root user ව enable වෙන එක. මේකට පොඩි exploit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි hack එකක් වගේ. root ව enable උනාට පස්සේ ඒක පාවිච්චි කරලා, අර කලින් කරන්න බැරි උන් දේවල්, කලින් access කරන්න බැරි උන තැන් access කරන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ root commands හරියට වැඩ කරන්න නම්, BusyBox Binaries කියලා හඳුන්වන තවත් files ටිකක් අවශ්‍ය වෙනවා. ඔය busybox binary වල තමයි රූට් commands අන්තරගත වෙන්නේ.




root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?

අලුතින් ලැබෙන්නේ නම් super user privilege එකයි, සමහර විට busybox binary ටිකයි විතරයි. ඒත් ඒකෙන් වැඩ ගන්න එක අපේ වැඩක්. නමුත් කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් කියන්නම්.




1. අපිට අවශ්‍ය නැති, ෆෝන් එක ගන්නකොට ෆෝන් එකත් එකක එන, සාමාන්‍ය විදියට අයින් කරන්න බැරි apps අයින් කරන්න පුළුවන්. ( මේ වගේ අයින් කරන්න බැරි, වැඩකට නැති apps වලට කියන්නේ bloatware කියලා ). ඔය Chinese, Korean වගේ ෆෝන් ගත්ත අයට නම් මේක හොඳට දැනෙනවා ඇති.




2. ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් Internal or External USB Storage එක විතරයි. ඔය ෆෝන් එකත් එක්ක එන file browser එකනේ බලන්න පුළුවන් ඒ ටික තමා. නමුත් root කලාට පස්සේ, වෙනත් File browser apps ( මේවා Android Play Store එකේ තියනවා ) පාවිච්චි කරලා මුළු system එකම බලන්න පුළුවන්. අපි මේවට කියන්නේ root explorer apps කියලා. ඇයි මේවා බලන්න ඕනේ වෙන්නේ කියලා මම පසුව විස්තර කරන්නම්.




3. සමහර developers ලා හදන apps තියනවා, root access අනිවාර්යයෙන් අවශ්‍ය වෙන ඒවා. ඒවා හරියට පාවිච්චි කරන්නත් root access ඕන කරනවා.




4. ෆෝන් එකේ සමහර දේවල් ( OS level, Hardware level ), සමහර වෙලාවට ඒ ෆෝන් එක හදන නිශ්පාදකයා විසින් disabled කරලා එවනවා. සමහර features පවා disable කරලා තියෙන අවස්ථා තියෙනවා. සමහර Android developers/ hackers ලා මේවා හොයාගෙන ඒ දේවල් enable කරන්න අවශ්‍ය software patches ( අපි මේවාට MODs කියලා කියනවා ) දෙනවා. ඒ දේවල් install කරන්නත් root access තිබීම අත්‍යාවශ්‍ය ම යි.




හැමදාම එකම ෆෝන් එකේ, එකම features දැකලා එපා වෙලා නම්, ඒකටත් තියනවා විසඳුමක්. ඒ තමා Custom ROMs. හැමදාම Stock ROM (Custom ROM, Stock ROM ගැන දන්නේ නැති අයට පහල ඒ ගැන විස්තරයක් තියනවා. එක බලන්න ) එකම දැකලා එපා වෙලා නම්, root කරපු අයට පුළුවන් Custom ROMs දාලා බලන්න.




root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?

නැත. speed එක අඩු වෙන්නෙත් නැත. නමුත් ඕනේ නම් root access වලින් වැඩ දාලා, speed එක වැඩි කර ගන්න නම් පුළුවන්. උදාහරණයක් විදියට, කලින් කිව්වා වගේ bloat apps අයින් කලා නම් අනිවා Booting speed එකේ ඉඳන් හැම දේකම speed එක වැඩි වීමක් බලා ගන්න පුළුවන්.




root කලාම warranty එක නැති වෙනවාද ?

නීතියේ හැටියට නම් නෑ (මොකද අපි කරන්නේ ෆෝන් එකේ තියන user account එකක් enable කරන එක නේ ). ඒත් සාමාන්‍යයෙන් warranty නැති වෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ, ෆෝන් එකක් root කරනවා වගේම unroot කරන්නත් ක්‍රම තියෙනවා.




Stock ROMs කියන්නේ මොනවාද ?

මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.

ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.




Custom ROMs කියන්නේ මොනවද ?

මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.




1. Stock Based ROMs

Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.




2. AOSP Based ROMs

AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි. ..................................................................




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

PHONE එක හොර එකක් ද ? හරි එකක් ද?



PHONE එක හොර එකක් ද ? හරි එකක් ද?









ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ?ව්‍යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක්‍රමයක් හදුනා ගැනෙයි.


මෙය ඉතා සරල ක්‍රමයක් වන අතර මෙහිදී international mobile equipment identity number නැතහොත් ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය යනුවෙන් හැදින්වෙන අංකයක් යටතේ එම ජංගම දුරකථනය නිෂ්පාදනය කළ රට පහසුවෙන් සොයා ගත හැකි වෙයි.




එම රට අනුව එම ජංගම දුරකථන වල තත්වය වර්ගීකරණය කර තිබේ.




මෙම ක්‍රමයට අනුව ජංගම දුරකථනය හදුනා ගැනීමට නම් මුලින්ම සිය ජංගම දුරකථනයේ *#06# ඇමතිය යුතුය




ඉන් අනතුරුව තිරයේ අංකයක් දිස්වෙයි. එම අංකය "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"

නැත්තම් international mobile equipment identity number ලෙස හැදින්වෙයි.




ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පරීක්ෂා කිරීමෙන් එම ජංගම දුරකථනය නිෂ්පාදිත රට සොයාගත හැකිය.එය පහත පරිදිය.




1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15

serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X




ඒ අංක දෙක,




- 02 හරි 20 හරි නම්.

එම ජංගම දුරකථනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කළ එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකකි.




- 08 හරි 80 හරි නම්.

ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකකි.




- 01 හරි 10 හරි නම්.

ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකකි.




- 00 නම්.

ඔබේ ෆෝන් එක නියම සමාගමෙදී නිෂ්පාදනය කළ සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකකි.




- 13 නම්.

ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , පහත් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකකි.




තවත් වැඩිදුර සදහන් විය හැකි අංක සහ රටවල් පහත පරිදි වෙයි.




30 = Korea or 03

40 = China or 04

50 = Brazil, USA, Finland or 05

60 = HK, China, Mexico or 06

70 = Finland or 07

91 = Finland or 19

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Speed Racing Ultimate Free v2.3 Mod (Unlimited Money) - 39.7 MB (41601997 bytes)


Speed Racing Ultimate Free v2.3 Mod
(Unlimited Money) - 39.7 MB (41601997 bytes)






ගොඩ දවසකින් අද මන් ගෙනාව Android Game එකක්. මන් ඉතින් ඔයාලට හැමතැනම තියන දේවල් දෙන් නෑනෙ. මේක Hacked Apk එකක් ඒ කියන්නෙ Unlimited Money තියනව මේ Game එකේ. screen shot ටිකක් මන් දාන්නම් පහලින්.






















••• Game Features •••

• Drive 8 different Prestigious cars!

• Total Control of your Racing Car

• Full 3D Real Time rendering

• 10 different tracks

• Incredible arcade physics

• Spectacular SFX

• Save as much money and Power go up

• Customize your Racing Car

• Training mode

• Realistic sound environment

• Music by “REVENGE”

• Boost Bonus

• Select the difficulty level

• Select the accelerometer sensibility

• Select the Camera: Inside or Outside

• Upload your Score and enter in the World Ranking




Direct Download >>

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks