Latest News

Ads

Tuesday, November 4, 2014

Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න.



Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න.













ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පහසු. ඒත් ඉතින් ෆෝන් එකේ මේ බ්‍රව්සර් එක නැතිනම් මොකද කරන්නේ. කමක් නෑ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එක බාගන්න. මෙන්න ලින්ක් එක. තමන්ගේ ෆෝන් එකට ගැලපෙන එක ගන්න පුළුවන් මෙතනින්.


http://www.opera.com/mobile/download/pc/



එහෙම අරගෙන ෆෝන් එකට ඒක දාගන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Open කරගෙන යටින් තියෙන රුපයේ පෙන්නලා තියෙන විදියට ටයිප් කරන්න.









opera:config කියලා ටයිප් කලානේ දැන් ෆෝන් එකේ go කියන එක ඔබලා ඉදිරියට යන්න. මේ පින්තුරයේ තියෙන විදිය එක එක ෆෝන් වලට වෙනස් වෙන්න පුළුවන්. ඒත් කරන්න තියෙන දේවල් වල වෙනසක් නෑ. දැන් ඔයාටල පෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
















go කලාට පස්සේ එන මෙනු එක තමයි මේ. එකේ යටටම ගියාම තමයි ඔය ටික තියෙන්නේ.. අංක 1 න් කියල තියෙන තැන මුලින්ම තියෙන්නේ No කියලා රුපයේ විදියට එක වෙනස් කරන්න. දැන් අංක 2 ආකාරයට ඒක සේව් කරගන්න. ඊට පස්සේ බ්‍රව්සර් ඒක වහලා දාලා නැවතත් ඕපන් කරලා බලන්න. දැන් සිංහල තියෙන වෙබ් පිටුවකට ගිහින් බලන්න. ඉස්සර වෙලා කොටු කොටු පෙනුන පිටු වල දැන් සිංහල පේනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මොනවද ලියලා තියෙන්නේ කියලා හොඳට කියවගන්න පුළුවන් තරමට පේනවා. මොකුත් නැතුවට වඩා ඒක වටිනවා. දැන් බය නැතුව සිංහල පිටු ඕන තරම් බලන්න. Facebook එකේ පිටු වලට යන්න එහෙම නියමයි නේද ? මමත් මේක අද උදේ දාගත්තේ. මගෙනම් නියමෙට වැඩ කරනවා. ඔයාලත් දාලම බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් උනොත් පොඩි කොමන්ට් එකකින්ම එකත් කියන්න. මම උදව් කරන්න ලෑස්තියි.




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක්



Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක්






Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලාබ ලේසි ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුලුවන් Windows 7 පරිගණක වල විතරයි. ලොකු ගානක් ගෙවලා RAM එකක් ගන්න ඕන නෑ. අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්.


ඉස්සර වෙලාම pen drive එක USB port එකට සම්භන්ධ කරන්න. ඊට පස්සෙ My Computer අයිකන් එක Double Click කරලා open කරගන්න. ඔබේ pen drive එතන දැන් පේන්න ඇති. එක Select කරලා ඒක උඩම Right Click කරන්න. ඒක මම පහත රූපයේ පෙන්නලා තියෙනවා.









ඊට පස්සෙ ඒකෙ යටම තියෙන Properties කියන එක Click කරන්න.


ඊට පස්සෙ Dialog Box එකක් මතු වෙනවා. ඒකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික මම පහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.


















මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ. එහෙම වුනොත් මේ වැඩේ ආයෙත් මුල ඉඳලා කරන්න වෙනවා. ඒක අමාරුනම් නෑ. ඒත් මකාගන්න එපා. මේක කරලා බලන්න. හරියනවා. මමත් කලා නියමෙට වැඩ කරනවා. RAM එකකට මොකටද බොරුවට සල්ලි වියදම් කරන්නෙ.








මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක්


සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක්
අද මම කියලා දෙන්නේ අපි සාමානයෙන් දන්නා එත් ගොඩක් අය භාවිතා නොකරන දෙයක්. සිංහල යුනිකෝඩ් කියන්නේ වෙබ් පිටු වල ලියනකොට, චැට් කරනකොට, බ්ලොග් ලියනකොට ඉංග්‍රීසියෙන් ලියන්නේ නැතිව සිංහලෙන් ලියන්න භාවිතා කරන web font වර්ගයක්. නමුත් විජේසේකර යතුරු පුවරුව වගේ එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා. ඒක පුරුදු වෙවී ඉන්න ගියොත් කරන්න යන වැඩේ කරන්න වෙන්නේ නෑනේ නේද ? ඉතින් දන ඒකට ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියලා දෙන්නේ ගොඩක්ම ලේසි ක්‍රමයක්‌. මේ සේවාව අපට ලබා දෙන්නේ ගූගල් සමාගමෙන්. එකට කියන්නේ Google Transliteration IME (Input Method Editor) කියලා. මේ ක්‍රමය භාවිතා කරලා ඕනෑම Browser එකක සිංහලෙන් බැරිනම් තවත් ගොඩක් භාෂා වලින් වැඩ කරන්න පුළුවන්. මේක හරියට දාගත්තට පස්සේ ඉන්ටර් නෙට් එකේ විතරක් නෙවෙයි Office වගේ ඇප්ලීකේෂන් වලත් සිංහලෙන් බොහොම පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. මම මේ බ්ලොග් එක ලියන්නෙත් ඒ විදියටම තමයි.ඉතින් ඉස්සර වෙලාම මෙන්න මෙතනින් අවශ්‍ය කරන මෘදුකාංගය ලබා ගන්න. අපි භාවිතා කරන Operating System ගොඩක් වෙලාවට 32 Bit වලට අයිති ඒවා. ඒක නිසා වෙනසක් කරන්නේ නැතිවම බාගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔබේ Operating System එක 64 Bit වර්ගයේනම් ඉහත රූපයේ පෙන්වල තියෙන විදියට 64 Bit කියන එක සිලෙක්ට් කරන්න අමතක කරන්න එපා. දැන් බාගත්තු File එක සාමාන්‍ය විදියට ඔබේ පරිගණකයට Install කරගන්න. මන් මේක කලේ Windows 7 වල කර ගන්න බේරී උනොත් මගෙන් අහන්න ,,,,





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

PEN Drive එක FORMAT කරන්න බැරිද ?


ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම්...





සමහර පෙන් ඩ්‍රයිව් එහෙම නැතිනම් USB Flash Drive සමහර වෙලාවට FORMAT කරන්න දෙන්නේ නැතිව යනවා. කිසිම දෙයක් කරගන්න බැරිව තමන්ගේ පෙන් ඩ්‍රයිව් එක ඉවත් කරපු අයත් මම දැකල තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. වයිරස් බලපෑම නිසා Windows Registry එකේ සිද්ද වෙන වෙනසක් හේතුවෙන් තමයි මේක සිද්ද වෙන්නේ. මේක නිවැරදි කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා.
මුලින්ම ඔයාලා හැමෝම දන්නා Regedit.exe කියන ඇප්ලිකේෂන් එක OPEN කරගන්න ඕන. Windows XP වලනම් Run කියන එකට ගිහින් Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. Windows 7 වලනම් Start ක්ලික් කරලා search programs and files කියන තැන Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. ඒකෙ පහලින් ලියල තියෙන තැනට යන්න ඕන





Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies




ඊට පස්සේ පහත රූපයේ පෙන්වා තියෙන ලෙසට Write protect value කියන එක ඩබල් ක්ලික් කරන්න ඕන. ඒකෙ පෙනෙන්න තියෙන Value Data කියන එක 0 ලෙසට වෙනස් කරන්න ඕන.




ඊට පස්සේ OK කරලා ඇප්ලිකේෂන් එක වහලා දාලා පරිගණකය Restart කරන්න ඕන. ඉන්පසු නැවතත් USB Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරලා ෆොර්මැට් කරන්න පුලුවන්ද කියලා බලන්න. StorageDevicePolicies කියන එක හොයාගන්න නැතිනම් එම කොටස අපිටම හදලා දාගන්නත් පුළුවන්. මෙහිදී Control\ කියන තැන ක්ලික් කරලා වම්පසින් තිබෙන කොටසේ හිස් තැනක Right click කරලා New - Key කියලා දීලා අලුත් එකක් හදාගන්න. නම හරියටම දෙන්න ඕන StorageDevicePolicies කියලා. ඒක ඇතුලේ ඉතිරි එකත් හදාගන්න ඕන. ඉතිරි එක DWORD කියන Value එකෙන් හදාගන්න ඕන. ඊට පස්සේ මුල් පියවර ටික අනුගමනය කරන්න ඕන. ඔබ විසින් කලයුත්තේ එපමණයි.
මේක හරි ගියේ නැති ය ඉන්නවනම් commend කරන්න අනිත් ක්‍රමයක් කියලා දෙන්නම්
තවත් post එකකින් හමු වෙමු ස්තුති ...


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?



පරිගණකය එක Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?


මේක අපිට තියන ලොකු පස්නයක් Sound. VGA Drives නේට් එකන් හොයනකොට එපා


වෙනවා එකට මන් විසදුමක් ගෙනවා



මේක දාගන්න හැටිනම් මන් කියලා දෙන්න ඕනි නැ ඔයාල ගොඩක් මේක ඉන්ස්ටෝල් කර ගන්න දන්නවා බේරී උනොත් මගෙන් අහන්න


මෙන්න මේ ලින්ක් එකට ගිහින් downlode කර ගන්න






http://driverrobot.com/download/installer/



එක downlod කර ගන්න බේරී උනානම් මේ ලින්ක් එකඟ downlode කර ගන්න


http://driverrobot.com/download/





ඉන්ස්ටෝල් කරන ඉවරනම් START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත් Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න.


ඊට පස්සේ GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35 ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ. මම කීප සැරයක් ගිය නිසා මට එහෙම උනා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.

















දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.












මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.



















කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

මේක දැන් සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කර ගන්න පස්නයක් ඇතිනම් මට commend කරන්න

කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ




කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ???







වින්ඩෝස් ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. අන්තර්ජාලයේ හොයලා බලනකොට ගොඩක් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න. මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි ෆයිල් එකක් ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පරිගණකය Restart කරන්න විතරයි තියෙන්නේ එච්චරයි. මම මෙතන යටින් ෆයිල් එක බාගන්න ලින්ක් එක දීලා තියෙනවා. name click කරන්න






Nirushan

මේසොෆ්ට්වෙයාර් එක බාගෙන ක්‍රියාත්මක කරලා බලන්න. මේක ඕනෑම වින්ඩෝස් වර්ෂන් එකකට හරියනවා. වැදගත් දෙයක් මේක දාන්න කලින් වයිරස් ගාර්ඩ් එකක් එහෙම දාලා තියෙනවනම් ඒකේ ආරක්ෂාව තාවකාලිකව නවත්වන්න. නැතිනම් මේ සොෆ්ට්වෙයාර් එක වයිරස් එකක් විදියට අල්ලලා අයින් කරලා දානවා.


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks