Latest News

Ads

Showing posts with label අපේ ජීවිතය. Show all posts
Showing posts with label අපේ ජීවිතය. Show all posts

Saturday, May 9, 2020

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams



The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

coconut husk removing machine, coconut chips machine, coconut chips making machine, coconut husk chips machine manufacturers, coconut husk chips machine in sri lanka, coconut husk chipper, coconut cutting machine, coconut husk cutting machine for sale,


Coconut husk chips cutting machine or coconut husk chips machine is manufactured by Coco Dreams in Sri Lanka. This coconut chips machine is used to making coconut husk chips. Coconut husk chips can be used for the plants such as orchids, anthurium,  etc. For applying coconut husk chips for orchids or other plants, It is helped you to grow up the plant and save the water. To be cut coconut chips are used the machines it knows as coconut chips making machine.

There are a lot of coconut husk chips machine manufacturers. But I have to talk you something. That is everyone is not good for that. Because They don't know about the technology cutting the husks chips.
We have a knowledge in coconut husk chipper. As well as, We will give you a database of companies when you are going to buy coconut husk chips machine. Coconut husk cutting machine for sale by Coco Dreams

-------PLEASE CALL US IF YOU ARE REALLY GOING TO BUY A CHIPS MACHINE-----

pol leli kapana machine hewath pol leli machine nishpadanaya karanu labanne Coco Dreams wana apa wisinya. pol leli cutter machine magin pol leli kabali hewath coco husk chips nipadanawa.
pol leli machine for sale- obata apawa sambanda karagatha haka. Eyin obata pol leli kapana machine ekak laba gatha haka.
pol leli kapana machine price - 17500 RS. .

පොල් ලෙලි කපන යන්ත්‍රය , පොල් ලෙලි කපන මැෂින් eka samaga siyaluma amathara upanga apa wisin obata laba dennemu.

-----Pol leli kapana machine ekak gannawanam pamanak katha karanna. Nikarune katha kirimen walakinna -----

Karmanthaya gana siyalu wisthara me playlist eken balaganna obata puluwan.



Coconut Husk Chips Machine In Sri Lanka

Contact Coco dreams--

Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - https://www.coconutsl.com/shop-now/
1. Facebook-https://www.facebook.com/profile.php?id=100008226045227
2. Facebook page-https://www.facebook.com/Coco-Dreams-682353815513912/
3. Facebook Group-https://www.facebook.com/groups/593468947816480/


Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

              
                              Download 


                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, May 13, 2015

ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


Brick වෙනවා කියන්නේ, ෆෝන්එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක් වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන Custom Rom එකක් හරි Firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන Zip Files, Custom Rom, Kernel, Flash කලහමත් Brick වෙන්න පුලුවන්. Brick වීම කොටස් 2යි.

1. Soft Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට Power එනවා. Boot Logo එක ගාවටත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට Stock Rom එක ගහලා හරි Unbrick File එකක් Flash කරලා හරි Soft Brick එක අපිටම හදා ගන්න පුලුවන්.

2. Hard Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන්ෂොප් එකකට අරන් යන්න වෙනවා. Box එකක් ආදාරයෙන් තමයි කඩවලත් එක කරන්නේ.

B්rick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන Firmware, Custom Rom, Zip Files, Custom Kernel විතරක් Flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, Google Search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක Brickවෙන එකක් නෑ.... :-)


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

පිස්සු හැදෙන Navdy තාක්ෂණය


පිස්සු හැදෙන Navdy තාක්ෂණය


අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා.

සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්රියාකාරකම් සහඅවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින්පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා. මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Tuesday, May 5, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  





Monday, April 13, 2015

පණ මෙන් වටින ඇස් දෙක ආරක්ෂා කරගන්න කරුණු කිහිපයක්



පණ මෙන් වටින ඇස් දෙක ආරක්ෂා කරගන්න කරුණු කිහිපයක්











(1) ඔබ අව්කණ්නාඩි භාවිතා කරනවනම් අනිවාර්යෙන් සොයාබලා නිවැරදි උසස් ගුණාත්වයකින් යුතු අව්කණ්නාඩි දෙකක් මිලදි ගන්න. අඩුවට පෙමන්ට් එකේ තියෙන එවා කිසිම ගුණාත්වයකින් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ.





(2) කෙළින්ම ඉර දිහා හෝ ඉර පරාවර්තනය වෙමින් ඇස දෙස දිස් වෙන දෙවල් දිහා බලන්න එපා එහිදි ලෝකු හානියන් ඇසට අප නොදැනුවත්වම වෙනවා.( කාර්වල විදුරුවලින් පොලිශින් කරලා තියෙන ලෝහ වලින් එන හිරු කිරණ ජලය මගින් පරාවර්තනය විම.)





(3) කළුවරේදි ගිනිදැල් හෝ ෆ්ලැෂ් ලයිට් දිහා බලන්න එපා ඉන් ලැබෙන ආලෝකයෙන් වැඩ කරන්න මෙක ගොඩාක්ම හානි වෙන දෙයක් අපි නොදැනුවත්ම.( සමහර අය රෑට විදුලි බල්බය ගිහාම ටෝර්ච් භාවිතා කරනවා ෆෝන් වල ෆ්ලැශ් ලයිට් එහෙම විහිළුවට අනිත් අයගේ මුණට අල්ලනවා එවිට එකවර කළුවරේ ලැබුණ ආලෝක කිරණ පමාණය වැඩි නිසා ඇස් දෙකට දරාගන්න බැරිවෙනවා.)





(4) පුලුවන් සෑම අවස්තාවකම මාස 6 කට සැරයක් තමන්ගේ ඇස් Doctor කෙනෙක් ලවා පරික්ෂා කර ගන්න.





(5) ඇස් සෙක වියලිනම්, රතු වෙලානම්, කසනවානම්, කදුළු ගලනවානම්, දොස්තර මහත්තයෙක් ලවා පරික්ෂා කර Eye Drops භාවිතා කරන්න. සියළුම වාගේ ෆාමසි වල මෙය මිලදි ගන්න තියෙනවා. වැඩි මුදලක් වැය වෙන්නේ නෑ





(6) නිතරම පරිගණකය, රූප වාහිණිය සමග වැඩ කරනවානම් ආරක්ෂිත කියා පිළිවෙත් අනුව වැඩ කරන්න. ( මොනිටර් එකක් දුරින් හිද වැඩ කිරිම,Brightness Controlling අඩු කර වැඩ කිරිම, මොනිටරයේ එළිය පෙරා ඇස වෙක එවන අදුරු විදුරු භාවිතා කිරිම, computer eyeglass භාවිතය, පරිගණක මෙසය හා රූපවාහිණිය හිරු එළිය ඇස වෙත පැමිණෙන කවුළු ජනේල අසලින් නොතැබිම.)





(7) පොත් සගරා පත්තර ආදිය කියවිමේදි එකාකාර ආලෝකය ඇති පරිසරයක අකුරු කියවන්න. මද අදුරේ කොහෙත්ම කියවිම ඇසට කරගන්න ලොකුම හානියක්.( ඒ වගේම අපි පොත සහා ඇස අතර ඔයාට පැහැදිලිව අකුරු පෙනෙන තැනක තබා අකුරු කියවිය යුතුයි. සමහරක් අය නිදා ගන්න ඇදට ගිහින් පොත බිම තියා තමන් ඇදේ සිට සැහැල්ලුවෙන් සිට පොත් කියවනවා එහිදි වෙන්නේ ඇසට අවශ්‍ය පෙනිම හරියට හසු නොවිම තුල ඒ සඳහා ඇස හුරු විමයි.)





(8) ඔබ කරන රැකියාව ඇසට යම් බලපෑමක් කරන්නේද ඒ සඳහා නිසි ආරක්ෂිත උපකරණ පළදින්න. ( උදාහරණ තමයි වෙල්ඩින් වැඩ කරන අය හෝ රසායනික ද්‍රව්‍ය සමග වැඩ කරන විට. ඕ කිව්වේ කෘමිනාෂක ඉසින කොට එහෙම සුළං පහරට අපේ ඇස කරා එය පැමිණෙන්න පුලුවන්. එතකොට පේන්ට් වැඩ කරන අයට එහෙම ආයේ කියන්න දෙයක් නෑනේ ඇස්දෙකේ වටිනා කම හදුනන අය මේ සදහා ලගම තියෙන් හාඩ්වෙයාර් වලින් glasses/goggles මිලදි ගන්න පුලුවන් වැඩි ගානක් වෙන්නේ නෑ අනික හැමදාටම අපිට මේවා අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න පුලුවන්.









(9) මේක ඇවිල්ලා ගංගා ඇළ දොලෙන් නාන අයට තමයි. අනිවාර්යෙන් ආරක්ෂිත කණ්නාඩි පැළද පිහිනුම් කටයුතු වල නිරත වෙන්න. ( සමහරු පුල් එකක් දැක්කොත් පැන්නා නෑවා නමුත් මේ පුල් එක හොදන්න එක එක කොලෝරින් මිශ්‍ර රසායනික ද්‍රව්‍ය එවා ඇසට ගියා කියලා ඔයා දැන ගන්නේ කාලයක් ගිහාම එතකොට කොහෙන් ආවද කියලා දන්නේ නෑ. අනිත් එක ඇළක් දැක්කොත් පැන්නා නෑවා ඇළක ගගක කොච්චරනම් අහිත කර දෙවල් තියෙනවාද කියලා අපි කියන්න ඔනා නෑ කොටින්ම සමහරු මිනි අලුත් එකතු කරන්නේ ගංගා වලට ඔවා ඇසට නොපෙනෙන කූඩා අංශු කියලා ඔයාලා දන්නවනේ ඇළක පහලින් ෆුුල් ආතල් එකේ නානවා පොඩ්ඩක් ඇළ ඉහළට ගියානම් බලන්න තිබුනා සමහරු මළ පහ කරන්නෙත් මේකේ. කසිප්පු පෙරලා අපජල පිටකරන්නෙත් මේකේ ෆැක්ට්‍රියේ කුණු ජලය ගලා යන්නෙත් මේ ජලයේ ෆුල් ආතල් එකේ එවලෙට නෑවට කාලයක් ගිහාම හිතපුවත් නැති ලෙඩ හටගන්නවා.





(10) පිරිසිදුව ඇසි දෙක සහා අවට තියා ගන්න උදේට මුහුණ සේදුවාම තියෙන පිරිසිදු කම රෑට නින්දට යනකනම තියා ගන්න ඔනා. (දුවිල්ල වාහන වල කාබන් මිශ්‍ර දුම ඇහිපිල්ලන් මත රැදෙනවා අප එවා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න ඔනා)





(11) ඇසට යම් කිසි අංශුවක් අපි කරන්නේ ඇගිල්ලෙන් අරන්දාන්න උත්සහා කරන එක අගිලි වල තියෙන නියපොතු අපිරිසිදු වෙන්න පුල්වන් ඒකෙන් වෙන්නේ අරන්දාන අංශුවට වඩා වැඩි අහිත කර විෂබිජයක් ඇතුළු විමයි. කල යුත්තේ පිරිසිදු වතුරෙන් ඇස්දෙක සෙදිමයි.





(12) මේක ගොඩාක්ම වැදගත් කාර්යයක් ඒ තමයි නිදා ගැනිම. දවසේ පැය 24 තුල වැඩිම කාර්යයක් අකණ්ඩව වැඩ කරන්නේ කවුද කියලා ඇහුව්වොත් කල්පනා කරනවා කව්ද කියලා ඒ තමයි අප නොදැනුවත්ව වැඩ කරන ඇස් දෙක. අවම වශයෙන් සම්මතයට අනුව පැය 8 ක නින්දක් ඇස් දෙකට අවශ්‍ය වෙනවා.

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


ශරිරයේ බර වැඩිකර ගැනිමට ස්වාභාවික ප්‍රතිකාරයන් 10ක් .



ශරිරයේ බර වැඩිකර ගැනිමට ස්වාභාවික ප්‍රතිකාරයන් 10ක් .







අතුරු ආබාධයන්ගෙන් බහුල නොයෙකුත් ක්‍රම වේදයන් වෙනුවට නොයෙකුත් ස්වාභාවිකම ශරිරයේ බර වැඩිකරගත හැකි ක්‍රම වේදයන් කිහිපයක් පිළිබඳවයි මෙහිදි අප කතාකිරිමට බලාපොරොත්තු ව‍ෙන්නේ. එම ප්‍රතිකාරයන් අතරට ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා උපකාරි වෙන නොයෙකුත් ආහාර වර්ගයන් ඇතුලත් වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරිමද වැදගත් බව හොඳින් මතක තබා ගන්න.


(1) සෞඛ්‍ය සම්පන්න ආහාර



ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා වෙහෙසිමෙදි විටමින්, ප්‍රෝටින් සහා ඛනිජලවන වලින් බහුල සෞඛ්‍ය සම්පන්න ආහාරයන් වැඩි වශයෙන් අනුභව කිරිමට අවධානය යොමු කළ යුතුවනවා. මස් මාංශ, අසන්තෘප්ත, ශාකමය මේදයන්, මෙදය අවම කිරි, හිතකර පිෂ්ට සංයුක්තයන්, එළවළු, පළතුරු, සහා ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න ආහාර වශයෙන් හඳුන්වන්න පුළුවන්. කජු, රට කොට්ටම්බා, රට ඉදි, වියලි මිදි වැනි වියලි ආහාරයන් උදේ ආහාරය සලාදයන් සහා අතුරු පසට එකතු කරගැනිමටද මතක තබා ගන්න. තල ඇට සහා රට කජු වල මේදය යහමින් පවතින නිසා රාත්තල් කිහිපයකින් ශරිරයේ බර වැඩි කරගැනිමට ඒවා වැඩි පුර අනුභව කරන්න. ආහාර රුචිය අවම තත්වයක පැවතිම හේතුවෙන් ශරිරයේ බර අඩු විමේ අවධානමක් තිබෙන බවද මතක තබා ගන්න.


(2) අඹ



ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා සහා යෝගය ලබාදෙන පළතුරක් වශයෙන් අඹ හඳුනවන්න පුළුවන්. මොකද අඹබල ඉහළ කාබෝහයිඩ්රේට් මට්ටමක් පවතිනවා. ලබා ගැනිමට ඇති හැකියාව තුල උදේ ආහාරයට වගේම දවල් සහා රත්‍රි ආහාරය සඳහාද මෙම පළතුරු භාවිතය කරන්න. අනෙකුත් ආහාර අනුභවය පසකලා අඹම පමණක් අනුභවය කරන ලෙස නොවේ මෙයින් අදහස් කරන්නේ ඔබ අනුභව කරන සමාන්‍ය ආහාර වේල සමගම අඹ අනුභව කරන්න.


(3) කෙසෙල්




ශරිරයේ බර වැඩිකර ගැනිම සදහා අනුභව කල යුතු පළතුරු ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ කෙසෙල්ය. කෙසෙල්වල කාබෝහයිඩේරේට් බහුලව පවතින අතර ශරිරයේ ද්‍රව මට්ටම විදිමත්ව පවත්වා ගෙන යෑම සඳහා උපකාරි වෙන පොටෑසියම්ද කෙසෙල් වල අඩංගු වෙනවා. ඔබ දන්නවා ඇති අන්තර්ජාතික මට්ටමේ මලල ක්‍රිඩයකින් පවා කායෂක්ති ක්ෂණීකව වැඩි කර ගැනිමට කෙසෙල් අනුභව කරන බව. ආහාර වේලකට පසුව කෙසෙල් අනුභව කිරිමෙන් ශරිරයේ බර අඩු කරගන්න පුළුවන්. නමුත් ඔබ සෙම්ප්‍රතිශ්‍යා තත්වයකින් පෙලෙනවානම් කෙසෙල් අනුභව කිරිමෙන් තාවකාලිකව වැළකි සිටින්න.


(4) වැඩිපුර ආහාර අනුභව කරන්න.






ශරිරයේ බර වැඩි කරගැනිම පින්ස බොහෝදෙනෙක් පොදුවේ භාවිත කරන ක්‍රමයක්නම් අනුභව කැන ආහාර ප්‍රමානය වැඩිකිරිමයි. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව තවත් ආහාර වේල් කිහිපයක් අනුභව කිරමෙන් අනුභව කරන ආහාර ප්‍රමානය වැඩි කරගන්න පුළුවන්. ශරිරයේ බර අඩු කැගන්න වෙහෙසෙනවා සේම වැඩි කර ගැනිමත් තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් කාලයත් සමග ක්‍රමයෙන් එහි ප්‍රතිලාභ ඔබට ලැබෙනවා ඇති.


(5) නිතර ආහාර අනුභවය











දවසකට හය වතාවක් නිරන්තරයෙන ආහාර අනුභව කිරිමෙන් ශරිරයේ බර සැලකිය යුතු ලෙස වැඩි කරගන්නට පුළුවන්. කොහොම නමුත් සෑම ආහාර වේලක්ම කූඩා එකක් විය යුතුයි. මහත් අපහසුවෙන් ආහාර වැඩිවශයෙන් අනුභව කරනවාට වඩා කාලය ගෙන සුළු වශයෙන් ආහාර නිරන්තරයෙන් අනුභව කිරිමෙන් ශරිරයේ බර පමසුවෙන්ම වැඩිකරගන්නට හැකියාවක් ඇති බව කරන ලද පරියෙෂණයන් මගින්ද සනාත වි තිබෙනවා.

(6) මේදය බහුල ආහාර




සත්ව මේද කොටස් අනුභව කිරිමෙදි නිර්දේශිත ප්‍රමාණය නොයික්මවිමට මතක තබා ගන්න. මොකද ඒ හෙතුවෙන් රුධිර කොළොස්ටරෝල් මට්ටම වැඩිවිමේ අවධානමක් පවතිනවා. ඒ සදහා වු විකල්පයක් වශයෙන් ශරිරයට හිතකර අසන්තෘප්ත ශාකමයේ මේදයන් අනුභව කරන්න. එමගින් සෞඛ්‍ය සම්පන්න ආහාරයෙන් ශරිරයේ බර වැඩි කරගන්න පුළුවන්. තල ඇට වල සහා රට කජු වල මේදය බහුලවම අන්තර්ගත වෙන නිසා ඒවා ආහාරයට එකතු කර ගන්න.


(7) වියළි මිදි




දිනපතා වියළි මිදි අනුභව කිරිමෙන් ශරිරයේ බර සැළකියයුතු ලෙස වැඩි කරගන්නට පුළුවන්. වියැළි මිදි වල ඉතාමත් වැඩි වශයෙන් පෝෂකයන් අන්තර් ගත නිසා ස්වල්පයක් අනුභව කිරිමෙන් වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගැනිමේ අවස්ථාව තිබෙනවා. වියළි මිදි කොප්ප කාලක කැලරි 100 ක් පමණ අන්තර්ගත වෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි.


(8) ව්‍යායාම




ශරිරයේ බර වැඩිකර ගැනිම සදහා දක්වන මුලාධාරයක් වශයෙන් ව්‍යායාම කිරිම ඉතාමත් වැදගත් එමගින් ආහාර රුචිය වැඩි වෙනවා සේම සම්පුර්ණම සෞඛ්‍යමය වැඩි දියුණු වෙනවා.


(9) කොස්




පහුසුවෙන් බර වැඩි කරගැනිමට හැකි තවත් එක් ක්‍රමයක්නම් ඉදුනු කොස් ( වරකා) අනුභව කිරිමයි. උදේ ආහාරයට වගේම දවල් සහා රාත්‍රි ආහාරයටද කොස් ඇතුලත් කර ගැනිමෙන් විශ්මික ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් බව හොදින් මතක තබා ගන්න.


(10) ආහාර ගැනිමට ප්‍රථම වතුර, සෝඩා, කෝපි, සහා තේ වැනි පානයන් පානය කිරිමෙන් අඩු වශයෙන් බඩකිනි දැනෙන අතර ආහාර රුචියද අඩු වෙනවා. එමෙ නිසා ආහාර ගැනිමට විනාඩි 40කි වැනි කාලයක් තිබියදි වතුර පානය කිරිමෙන් වළකින්න.





ඔබ දුම්පානය කරනවානම් ඉහත සඳහා කරන ලද උපදෙස් පිළිපැදිම ගඟට කපන ඉනිසේ වෙන්නට ඉඩ තිබෙනවා. මොකද සිකරට් වල අන්තර් ගත දුම්කොළ විසින් පුද්ගලයාගේ ආහාර රුචිය යටපත් කිරිමක් සිදු කරනවා. එම නිසා කරුනාකර දුම්පානය නතර කොට මෙම උපදෙස් පිළිපදින්න....


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


පිපාසය ඒමට පෙර වතුර පානය කිරිමට පුරුදු වන්න



පිපාසය ඒමට පෙර වතුර පානය කිරිමට පුරුදු වන්න







අපේ ශරිරයේ හදවත, මොළය යන මේ සියලු දේම 70% පමණ සෑදිී ඇත්තේ ජලයෙන් බව ඔබ දන්නවාද ? මේ නිසා වතුරට කිසිම ආදේශයක් නම් තවත් සොයා ගෙන නෑහැ. නමුත් ඇතැම් අය පිපාසයට මොල්ට් කිරිපිටි වගේම වෙනත් පැණි බිම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශයක් නොවන බව සිහි තබා ගතයුතු දෙයකි.



ශරිරයේ උණූසුම පාලනයටත්, ආහාර ජිර්ණ පද්ධතියකම ක්‍රියාකාරිත්වයටත් ජලය නම් අත්‍යවශ්‍යම සාධකයකි. මේ නිසා ජලය පානය කිරිමේ නිසි පුරුදු ගැනත් ඔබ අවධානය කළ යුතුමයි. වතුර පානය කිරිමේ නිසි පුරුදු ඇති කර නොගත හොත් එය ජිවිතයට අවධානම් තත්ව ඇතිවිමට හේතුවිය හැකිය. මේ නිසා දිනකට වතුර විදුරු 08 ක් වත් පානය කළයුතු බව අප බොහෝ දෙනා දන්නා කාරණයකි. විශේෂයෙන්ම අප පාන්දරින්ම අවධි වු විටම වතුර විදුරුවක් පානය කිරිමට හැකිනම් එය ඔබේ දවසම ප්‍රබෝධමත් කිරිමට සමත් වන්නකි.


කිරි වෙනුවට වතුර




නමුත් බොහෝ දෙනා හුරු වි සිටින්නේ තේ හෝ කෝපි වැනි උත්තේජනිීය පානයකින් දවස ආරම්භ කිරිමයට. ඒහෙත් මේ වෙනුවට අවම වශයෙන් වතුර ලීටර් 1/2 කින් හෝ සිරුර පෝෂණය කරගැනිම වඩාත් වැදගත්. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයට වඩා උතුරවා නිවා ගත් වතුර විදුරුවකි. එය විසබිජවලින් තොර වන අතරම සීරුරම සිසිල් කරවන හොඳ පානයයි.
වතුර බොතල්




කාර්යබහුල ජිවිතයක් ගෙවන බොහෝ දෙනා ජලය පානය කිරිමට පුරුදුව සිටියත් වතුර බෝතල් අසුරන පිළිබඳ ඇත්තේ අඩු අවධානයකි. ඇතැම් අය ඉවත දමන ලද ප්ලාස්ටික් බෝතල් වල වතුර දමා ශිතකරණ ගත කරයි. තවද තද අවුවේ වාහන තුළ මෙන්ම වායුසමිකරණ කාමර වලද විවිධ උෂ්ණත්වය යටතේ බෝතල් වල ජලය ගබඩා කර තැබිම එතරම් සෞඛ්‍ය ආරක්ෂිත නොවන්නකි. විශේෂයෙන්ම ප්ලාස්ටික් වතුර බෝතල්නම් එක් වරක් භාවිතා කිරිමෙන් පසුව ඉවත් කිරිමට මතක තබා ගන්න. මේ වෙනුවට හොඳ ප්‍රමිතියක් සහිත තරමක් මිල අධික වතුර බෝතලයක් ගන්න. ඒය තරමක් මිලෙන් අධික වුනත් සෞඛ්‍යආරක්ෂීත බව සුරකින බවනම් නොරහසකි.
ගුරුලෙත්තුව වඩා හොඳයි




ගෙදරදි පානය සඳහා ගන්නා වතුර තැබිමට වඩාත් සුදුසු වන්නේ මැටිවලින් සෑදු ගුරුලෙත්තුවකි. ඒමගින් වතුරවල නියමිත උෂ්ණත්වය වගේම නියමිත මිනිරල් සංයුතියද පවත්වාගෙන යයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලත් වතුර බෝතල් ( ප්‍රමිතියෙන් සහතික වතුර බෝතල්) 40ක් පමණ හදුන්වා දී ඇත. නමුත් විවිධ නම්වලින් බෝතල් වර්ග 400ක් පමණ දැකගැනිමට හැකිය. විනෝද ගමන් යන විට ඔබ මිලට ගන්නා මෙවැනි බෝතල් ගැනනම් විශ්වාසයක් තබන්නනම් එපා.
වතුර බිමේ හෙඳ පුරුදු




වතුර බිමේ නිසි පුරුදු අතර ඇති මේ කරුණු ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. දවල් 12ට පෙර වතුර කොප්ප 05 ක් 06 ක්වත් පානය කිරිම ඔබේ සෞඛ්‍යයමත් ජිවිතයට වැදගත් වන්නකි. කුඩා දරුවන්ට වතුර බිමේ පුරුද්දක් ඇතිකරවිම නම් මවුපියන්ගේද වගකීමකි. එව දරුවන්ගේ නීරෝගී බවටත් බෙහෙවින්ම ඉවහල් වේ. දරුවන් වතුර කොප්ප 06 කවත් දිනකට පානය කිරිමට හුරුවිය යුතුයි.

බොහෝ දෙනා ක්‍රිඩා කිරිමෙන් හෝ මහන්සි වී යම් කාර්යයක නිරතවිමෙන් පසුව පිපාසය නිවිමට පැණිබිම හෝ කෝලා පානය කිරිමටද හුරුවි සිටිය. නමුත් ශරිරයේ ක්‍රියාකාරිවි වෙහෙසිමෙන් පසු මෙවැනි පානවලට හුරුවිමනම් හිතකර නොවේ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදි මෙම පාන භාවිතයට ගැනිම තහනම් කළ යුතුවන්නේ එය එතරම්ම අහිතකර බැවිනි. දරුවන්ට පැණි බිම වෙනුවට සතියකට 3- 4 වරක්වත් සුප් වර්ග හෝ පළතුරු බිම ඔබට නිවසේදිම පිළියෙල කර දිමට හැකිය. දියවැඩියාව වැනි ඇතැම් රෝගින් නම් තමන් දිනකට පානය කළ යුතු වතුර ප්‍රමාණය පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් විමසා දැන්වත් විමද වැදගත්ය.
තිබහට පෙර වතුර බොන්න




බොහෝ දෙනෙක් වතුර විමට පුරුදුව සිටින්නේ පිපාසයක් දැනුණ විටදීය. නමුත් අප වතුර පානය කළයුතු වන්නේ පිපාසය ඇතිවිමට පෙරය. එම නිසා වතුර බිමට නිසි වේලාවක් තාබාගත යුතු නැත. උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙක් අම්මාගෙන් වතුර ඉල්ලා සිටින්නේ පිපාසය නිසා නම් එම මොහොතේදී දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 8% කින්ද හෘද ස්පන්දනය වැඩිවිම 13% කින්ද වකුගඩුවල ක්‍රියාකාරිත්වය 15%කින්ද අඩුවන බවද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී ඇති දෙයකි. මේ නිසා ඔබේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරිමේදී වතුරවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුමයි.



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

මහත් විමට පෙති බොනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න.



මහත් විමට පෙති බොනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න.






බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා. මෙය බොහෝ විට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ අනික් අයටයි. “අනේ ඔයා නම් හරියට කෙට්ටුයි“ යනුවෙන් එක් එක්කෙනා පවසන විට මේ අයට එය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්‍රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු ඌරු පෙති නමින් හඳුන්වන පෙති වර්ගයක් ගැනීම තුළින් සිරුරේ සිහින් බව අඩු කර ගන්නට පෙළඹෙනවා.


සමහරු මෙහි ඇති අවදානම දන්නේ නෑ. තවත් සමහරු ඒ අවදානම දැන සිටියත් එය පිළිගන්නට මැලි වෙනවා. එවැනි අය හිතන්නෙ ‘දැන් නිරෝගීව ඉන්න පුළුවන් නම් පස්සෙ කාලෙක මොනව වුණත් මට මොකද” කියලයි. මෙවැනි පෙති වර්ග නිසා ජීවිතය වරද්දා ගත් අය එය ප්‍රසිද්ධ කරන්නේ නැති එකත් මේවාට තරුණ පිරිස ඇදී යාමට තවදුරටත් හේතුවක් වී තිබෙනවා. ඌරු පෙති නමින් ‍පොදුවේ හඳුන්වන ශරීරය මහත් කරන පෙති වර්ගවල අඩංගු වන්නේ හෝමෝනයි. අපේ ශරීරය තුළත් මේ හෝමෝන ඉබේම නිපදවෙනවා. සමහර හෝමෝන වර්ග අඩු වුණු විටත් ලෙඩක්. ඒ වගේම වැඩි වුණාමත් ලෙඩක්. මෙසේ හෝමෝන වැඩිවීම නම් රෝග තත්ත්වයේ කොටසක් වන්නේ ශරීරය පුරවා දැමීමයි. එවිට ඉක්මනින්ම මහත් වුණු


ස්වභාවයක් බාහිරින් පළ කරනවා. මෙය සැබවින්ම අලුතින් රෝගයක් නිර්මාණය කිරීමක් මිස සැබෑ මහත් වීමක් නොවෙයි.


අපට වැළඳෙන සියලුම රෝග එකසේ අපට අමාරු ඇති කරන්නෙ නෑ. සමහර රෝග කාලයක් තිස්සේ ශරීරයේ තිබි පසුව අමාරු ඇති කරවනවා. බොහෝ විට එය වසර ගණනාවකට පසුව ඇති වන්නක් විය හැකියි. එවිට රෝගියා ප්‍රමාද වැඩියි. වැඩුණු පුද්ගලයකුගේ ශරීරය සෑදී ඇති අන්දම අපි බලමු. ඇතු‍ලේම තියෙන්නෙ ඇටසැකිල්ල. ඊට උඩින් මාංශපේශි. මාංශ පේශි හැකිලීමෙන් තමයි අපට සිරුර අත්පා ආදිය නවන්නට සහ දිග හරින්නට හැකිවී තිබෙන්නේ. එසේ නැවීම හා දිග හැරීම සිදුවන්නේ මොළය විසින් ස්නායු දිගේ එවන පණිවුඩවලට අනුවයි. මාංශ පේශිවලට පිටින් එල්ලෙමින් තිබෙන්නේ තෙල් හෙවත් මේද තට්ටුවයි. ඔබ ඌරු මස් අනුභව කරන අයෙක් නම් මස්වලට පිටින් තෙල් තට්ටුව පිහිටා තිබෙන අන්දම මතක ඇති.




ශරීරය හැදී වැඩෙන විට මේදය මෙන්ම මාංශ පේශීත් වර්ධනය විය යුතුයි. මාංශ පේශි පිරී තිබෙන්නේ ‍ප්‍රෝටීන් වලින්. එසේම දිගින් දිගටම ස්නායුවලින් පණිවුඩ ලැබිම මාංශපේශිවල පැවැත්මට වුවමනායි. පේශියක් වැඩ නොකර තිබුණොත් එය සම්පූර්ණයෙන්ම සිහින් වී යනවා.


මිනිසකුට දිනකට ‍ප්‍රෝටීන් ග්‍රෑම් පනහක් වුවමනායි. බිත්තරයක ‍ප්‍රෝටීන් ග්‍රෑම් හයක් තිබෙනවා. මස් හා මාළුවලත් ‍ප්‍රෝටීන් අඩංගුයි. කිරි වීදුරුවකින් ‍ප්‍රෝටීන් ග්‍රෑම් අටක් හිමි වන අතර අපට වැඩිපුරම ‍ප්‍රෝටීන් ලැබෙන්නේ බිත්තර හා කිරි වලින්, බත්, පාන් වැනි ආහාරවලත් ‍ප්‍රෝටීන් අඩංගුයි. නමුත් විශිෂ්ට ගණයේ ‍ප්‍රෝටින් තිබෙන්නේ සත්ව ආහාරවල. විශේෂයෙන් කිරි හා බිත්තරවල.



‍ප්‍රෝටීන් මෙන් තුන් ගුණයක් පිෂ්ටය අපේ සිරුරට අවශ්‍යයි. නැත්නම් ‍ප්‍රෝටීන් උරා ගන්නට හැකියාව ලැබෙන්නේ නෑ. පැය අටක නින්දකුත් අපට ඕනෙ. මස්පිටු වර්ධක හෝමෝන ශ්‍රාවය වන්නේ නින්දේදීයි.‍ පෝෂණය වගේම අපගේ මස් පිඩුවලට අවශ්‍ය විශේෂිත ව්‍යායාමත් තිබෙනවා.



මේ මොන දේ කළත් මහත් වෙන්න ඔබට තිබෙන හදිස්සිය ශරීරයට නෑ. ශරීරය එය කරන්නේ සෙමින් සෙමිනුයි. එනිසා ඔබේ ඉවසීම අත්‍යවශ්‍යයි. සැඟවී තිබෙන විවිධ රෝගාබාධත් ඔබේ සිරුර සිහින් වීමට බලපානවා. එවැනි තත්ත්වයකට නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එසේ නැතිව ඉක්මනින් පිරිපුන් සිරුරක් ඇතිකර ගැනීමේ කැමැත්තෙන් ඔබ ඌරු පෙති ගන්නවා නම් එය වුවමනාවෙන්ම ලෙඩ රෝග ළඟා කර ගැනීමක්. මෙහි ඇති අතුරුඵල බොහොමයි. කාලයක් ඌරු පෙති ගත්තු කෙනකුට මුල් දිනවල කිසිම අමාරුවක් අසනීපයක් දැනෙන්නෙ නෑ. නමුත් කාලයක් ගත් පසුව විවිධ රෝගාබාධ මතු වන්නට පටන් ගන්නවා.


ඇටසැකිල්ල දිරාපත් වන්නට වීම, මාංශ පේශි ඇකිලී යාම සහ මාංශ පේශි අප්‍රාණික වීම, ශරීරයේ අසාමාන්‍ය තැන්වල තෙල් වර්ධනය වීම, හරකාගේ පිටේ මොල්ලිය වැනි මොල්ලියක් කුඩාවට හට ගැනීම , අත් පාවල මේදය අඩු වීම , සම ඉතා තුනී වීම සහ ඉක්මණින් බිඳෙන සුළු බව ඇතිවීම , සමෙන් විෂබිජ ඇතුල් වීමට තිබෙන ප්‍රවණතාව වැඩිවීම, ඇසේ සුද ඇතිවීම, විශාදය වැනි මානසික රෝග හට ගැනීම , ගැස්ට්‍රයිටිස් රෝගය හට ගෙන ආමාශයේ තුවාල ඇතිවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීම හා එමගින් මුළු ශරීරයටම හානි වීම මේ අතුරු ආබාධයි. එසේම මහත් වීම සඳහා ලබා දෙන්නෙ හෝමෝන පෙති බව ඉහත සඳහන් කළා.

පිටින් හෝමෝන ලබා දෙන විට අපේ ශරීර විසින් හෝමෝන නිපදවීම නතර කරනු ලබනවා. ඒ අනුව මේ බෙහෙත් පෙති දිගටම ගෙන මෙයට ඇබ්බැහි වූ අයකු එකවරම මෙය නතර කළහොත් ශරීරය හෝමෝන නිපදවීම නතර කර ඇති නිසා ‍ලේ ගමන අඩාල වී ක්ෂණික කම්පන තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙමගින් රෝගියාට ක්ෂණික මරණයක් වුවද ඇති වන්නට පුළුවන්. එනිසා හෝමෝන පෙතිවලට ඇබ්බැහි වූ අයකු එය නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. පෙති නතර කළ පසු නැවත ශරීරය යථා තත්ත්වයට පත් වී හෝමෝන නිපදවීම ආරම්භ කරන්නට කලක් ගත වෙනවා.


දැන් ඔබට මෙවැනි පෙතිවල ඇති අන්තරායකාරී බව වටහා ගත හැකියි නේද? එනිසා සිහින් සිරුරක් ඇති අයකු ක්ෂණිකව මහත් වීමට උත්සාහ කිරීම කෙසේවත් හිතකර වන්නේ නෑ. එය ඔබ කරගත යුතුව ඇත්තේ ආහාර මගින් සෙමින් සෙමිනුයි.



කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා


උපුටා ගැනිම -- ලක්බිම පුවත් පත ඇසුරෙන්

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස්



ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස්




කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. ‍මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය.




මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා.



_ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _


● ස්ත්‍රියගේ මැණික් කටුවෙන් හටගත් යම් රේඛාවක් අල්ලේ මැදගිල්ල දක්වා වෙයිද ඇය රජ බිසවකගේ සැප සම්පත් ලබන්නීය.


● කණිටු ඇඟිලි මුලට යම් රේඛාවක් වෙයිද මැද ඇඟිල්ල හෝ මාපටගිල්ල දෙසට යාද ඇය දීර්ඝායුෂ ලබන කාන්තා රත්නයකි.


● අල්ලේ රේඛා හිඟ නම් ඇය දුගී වෙයි. යමෙකුගේ අල්ලේ මාළුවන්ට සමාන රේඛාවක් වෙයිද ඉසුරින් පිරී යයි.


● ස්ත්‍රියකගේ පාද තලය සිනිඳු වේද මොලොක් බවද සම වෙයිද දහඩිය අඩුවෙයිද උණුසුම් හා රතුපාටට හුරු වීම බොහෝ සුභදායකය.


● ස්ත්‍රියකගේ මහපට ඇගිල්ල උස්වී මාංශයෙන් පිරි වටවී තිබීම රස ආහාර පාන පරිභෝජනය කොට ඉසුරින් පිරි ජීවිතයකට හිමිකම් කියයි.


● මොලොක් වූ වටවූ උස්වූ ඇගිලි උතුම් වේ.


● ස්ත්‍රි පාදයේ පිට දහඩිය රහිත නහර නොපිහිටා සිනිදු මසින් යුතු වේද පාදයේ විලුඹ සම වීනම් සුභයි. උස් හෝ දිග නොවිය යුතුය.


● පාද කෙණ්ඩයේ රෝම රහිතව සම සිනිඳුව වටවී සිටී නම් සැප සහිතය. දෙදණ වටවී මාංශ සහිත නම් උතුම්ය.


● ස්ත්‍රියකගේ කලවා නහර රහිතව හස්ති රාජයෙකුගේ හොඩවැල මෙන් සිනිදු නම් දෙකලවා එකට ලංවී වටවි නම් රෝම රහිත වී නම් ඇය උතුම් වූ රාජ බිසවකට සමානය.


● ඉඟටිය පෙදෙස අඟල් 24කට තරම් ප්‍රමාණවීද උස් වූ උකුල් තලය ඉතාම යහපත්ය.


● උකුල කාන්තාවකට ඉතාම වැදගත් දේහ ලක්ෂණයකි. උකුල උස්වී මාංශ සහිතව පළල්ව පිහිටා තිබීම මහත් සැප සම්පත් ලැබෙන ලක්ෂණයකි.



අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න.

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

දියවැඩියාව පරදවන්නට නම්



දියවැඩියාව පරදවන්නට නම්







දියවැඩියාව යනු රුධිරයේ සීනි වැඩිවීමයි. රුධිර සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලීන් හොමෝනය මගිනි. ඉන්සියුලීන් හෝමෝනයේ ඌණතාවය නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මදිකම නිසා දියවැඩියා තත්වය ඇති වේ.


දියවැඩියා රෝගය පාලනයට රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. දියවැඩියා රෝගී තත්වය නිට්ටාවට සුව කල නොහැක. නමුත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටත් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැක. දියවැඩියාව ඇති රෝගියකුට සෑම අවස්ථාවේදීම අසනීප තත්වයක් ශරීරයට නොදැනුනද රුධිර සීනි පාලනය නොකලහොත් විනාශකාරී සංකුලතා ඉක්මණින් ඇති විය හැක. එනම් වකුගඩු රෝග, පෙනීමේ දුබලතාවය, සහ ලිංගික අප්‍රාණිකත්වය, ක්ලාන්තය ආදී රෝගී ලක්ෂණ වේ.



දියවැඩියා රෝගයට බලපාන හේතු



ආරය
මානසික ආතතිය
තරබාරුකම
අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩු වීම
ගර්භනී කාලයේ දියවැඩියාව ඇති වු මව්වරුන්
උපත් බර අඩු දරුවන්


දියවැඩියා රෝග ලක්ෂණ



පිපාසය
නිතර නිතර ඇති වන කුසගින්න
තොල කට වියළීම
රාත්‍රී නින්දෙන් අවදි වී මුත්‍රා පහ කිරීම හා මුත්‍රා කරන වාර ගණන වැඩි වීම
ශරීරයේ බර කෙටි කාලයකදී අඩු වීම
තෙහෙට්ටු ගතිය





රෝග විනිශ්චය පරීක්ෂණ


1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )

එනම් රාත්‍රී කාලයේ පැය 12 ක කාලයක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කීරීම

සාමාන්‍ය අගය 65 – 105 dl/mg

2. ආහාර ගෙන පැය දෙකකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව (Post Parandial Blood Suger ) සාමාන්‍ය අගය 140 dl/mg



3. GTT (Glucose Tollerace Test)ග්ලුකෝස් දැරීමේ හැකියාව පරීක්ෂා කිරීම


දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම








ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව

ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 – 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10% ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත.

ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන්(රෝග විනිශ්චය පරීක්ෂණ)

1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
92 mg/dl
2. ආහාර ගෙන පැයකට පසුව
180 mg/dl
3. ආහාර ගෙන පැය 2 කට පසුව
153 mg/dl

ගර්භණී අවස්ථාවේදී දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කළයුතු මව්වරුන් වන්නේ

(පලමු පුර්ව සායනයේදී මෙම පරීක්ෂාවන් කල යුතුය.)
ස්ථුල ශරීරය ඇති අය
පෙර අවස්ථාවලදී ගබ්සාවලට ලක් වු අය
ගර්භණී අවස්ථාවේදී, පෙර දියවැඩියාවෙන් පෙලුනු අය
වැඩි උපත් බර සහිත දරුවන් ඇති මව්වරුන්
දියවැඩියා ඉතිහාසක් ඇති මව්වරුන්

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කල මිනිස් මොළයට හානිවිය හැකි නරක පුරුදු 10 ක්



ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කල මිනිස් මොළයට හානිවිය හැකි නරක පුරුදු 10 ක්







අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.


1. උදේ අහාර නොගැනීම

ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.


2. වැඩිපුර අහාර ගැනීම

ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.


3. දුම් පානය

මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.


4. සීනි සහිත අහාර වැඩිපුර ගැනීම

අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ.. හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.


5. වායු දුෂණය

මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.


6.අඩු නින්ද

මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.


7. නින්දේදී හිස ආවරණය කර ගැනීම

ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.


8. අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම

අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම

නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.


9. ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම

හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා


10. අඩුවෙන් සිතීම

යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.

නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.

 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?


ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?





තරුන අය ජිම් එකකට ගිහින් ඇග හදාගන්න දැන් ගොඩක් දෙනෙක් පුරුදුවේලා තියෙන්නේ


ඒක හොද දෙයක් ,ඒ වගේම අපේ වැදගත්ම ඉඳ්‍රිය හදාගන්න ජිම් ගිහින් බැ ඒ කියන්නේ මොලය​..නමුත් අපිට exercise කරල මොලය වර්දනය කරගන්න පුලුවන්.


මේ සදහා භාවිතාකල හැකි විවිද ක්‍රියාකාරකම් අද දකින්න් පුලුවන්.මේ අතරින් ප්‍රදාන තැනක් ගන්නmemory games ගැන අද කථා කරන්න හිතුවේ.


මෙම memory games play කිරිම මගින් ඔබගේ


මතකය වර්ධනය කරගන්න පුලුවන්
මොලයේ ක්‍රියාකරිත්වය වැඩි කරගන්න් පුලුවන්
තර්ක කිරිමේ හැකියාව​
තේරුම් ගැනිමේ හැකියාව
යමක් ග්‍රහනය කරගැනිම වැනි ආදි බොහොමයක් හැකියාවන් වර්දනය කරගැනිමට පුලුවන්.


මෙමෙ memory games play කිරිම ආරම්භයේදි ඔබගේ තත්වයත් එය දිගින් දිගටම playමගින් ඔබගේ ඇතිවන වෙනසත් ඔබටම අත් විදින්න පුලුවන්...



පහලින් ඒ වගේ ලොකයේ ජනප්‍රිය memory games කිහිපයක් ලබාදිලා තියනවා උත්සාහ කරල බලන්න​..










































 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s     

පෝෂණය සම්බන්ධ මිත්‍යා මත



පෝෂණය සම්බන්ධ මිත්‍යා මත

පෝෂණය ගැන කතාකරද්දී අපිට එක එක වෙලාවට නොයෙක් දේ අස්සනට ලැබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් හොඳයි කියන දෙයක් තවත් අයෙක් හොඳ නෑ කියන දේ ගැන ඔබටත් මටත් අත්දැකීම් නැතුවාම නොවෙයි. විද්‍යාත්මක සාධක මගින් පැහැදිලි කර ඇති පෝෂණය සම්බන්ධ විවිධ වැරදි මත ක පිළිබඳව අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.



1. මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට කන්න



කාලෙකට ඉස්සර මේවගේ දේවල් අපිට ඇහෙනවා. ඒත් එක පර්යේෂණයකින්වත් ම බව ඔප්පු වෙලා නෑ. ඒක හින්ද මේ ගැන ගැඹුරින් කරපු සමීක්ෂණයකින් හෙළි වුනේ බර අඩු කරගැනීමත්, පිළිකා අවදානම අඩු කරගැනීමත් හෘදයාභාද අවදානම අඩු කිරීමත් මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට ගන්න එක අතර සම්බන්ධයක් නොමැති බවයි.


2. රුධිර පීඩනය අවම කරගැනීමට සහ හෘදයාභාද ඇති වීම අවම කිරීමට ලුණු ආහාරයට ගැනීම අවම කල යුතුයි.



මේ කාරණය නම් අපිට අදටත් අහන්න ලැබෙන දෙයක්. ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය 1-5 mm /Hg පමණ අඩු කිරීමට සමත් වන නමුත් හෘදයාභාධයක් ඇතිවීම කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි. නමුත් ලුණු අධි මාත්‍රාවක් ආහාරයට ගැනීමෙන් ඇති වන රෝග තත්ව නැතුවා නොවෙයි. ලුණු පමණට වැඩියෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහල යෑමට බලපායි. මේ ගැන විශාල ලෙස පර්යේෂණ කර නැති වුනත් ලුණු අවශ්‍ය පමණට ආහාරයට ගන්න කියල තමයි උපදෙස් ලැබෙන්නේ.


3. අපේ ඇඟේ පරිවෘත්තිය නිසියාකාරව සිද්ධ වෙන්න කුඩා ආහාර වෙල් කිහිපයක් දිනපතාම ගන්න ඕනේ.



මේ කතාවත් ඔබ අහල ඇති. නමුත් මේ ගැන වැඩි දුර අධ්‍යනය කරලා හොයාගෙන තියෙන්නේ දිනකට ආහාර වේල් 2-3ක් ගත්තම සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණයයි ආහාර වේල් 5-6ක් ගත්තට පස්සෙයි වෙනසක් නෑ කියල. හැබැයි ඒකෙ මෙහෙම පැත්තකුත් තියනවා. වැඩියෙන් බඩගිනි වෙන එක තරමක් දුර මගහැර ගන්න පුළුවන්. අනික් කාරණය තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා සිරුරේ මේධය තැන්පත් වීමත් වැඩි වෙන එක.


4. බිත්තර කහමද කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල් වැඩියි. හදවත් රෝග වලට බලපානවා.

මෙහෙම කියනවා ඔබත් අහල ඇති. නමුත් ගොඩක් දෙනෙක්ට කෑම වල තියන කොලෙස්ටරෝල් ලේ වල කොලෙස්ටරෝල් වලට ඇති කරන බලපෑම අඩුයි. මේ ගැන කරපු අධ්‍යනයකින් දැගන්න ලැබෙන්නේ බිත්තර වලින් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන බවත් හදවත් රෝග වල බල නොපාන බවත්ය. හැබැයි මේ සියල්ල වලංගු වෙන්නේ ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයකු නම් පමණයි. මොකද දියවැඩියා රෝගීන්ට නම් මෙමගින් හදවත් රෝග වැළඳීමේ අවදානමක් ඇති කරන බැවින්.


5. තිරිඟු පිටි වලින් හදන කෑම සෞඛ්‍යදායි සමබර ආහාර වේලක කොටසක්.

ගොඩක් වෙලාවට තිරිඟු පිටි වලින් හදන කෑම වලට මිනිස්සු පුරුදු වෙලා හිටියා. නමුත් වර්තමානය වන විට ජාන තාක්ෂණයේ බලපෑමත් එක්ක මෙහි පෝෂණ ගුණය පිළිබඳව ගැටළු ඇති වී තිබෙනවා. මුලික අදියරේ පර්යේෂණ වලින් පෙනී යන්නේ වර්තමානයේ භාවිත කරන තිරිඟු පිටි වලින් කොලෙස්ටරෝල් මෙන්ම විවිධ ආසාත්මිකතා ඇති කිරීමේ අවදානමත් වැඩි කරන බවයි. ඉස්ස‍ර තිරිඟු වල මේ ප්‍රශ්න නොතිබුන බවත් ඔවුන් පවසනවා.


6. සංතෘප්ත මේද මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර හෘදයාභාධ ඇති වීමේ අවදානම වැඩි කරයි.

දශක ගණනාවක සිටම මේ ගැන කතාබහ වන දෙයක්. නමුත් මෑත කාලයේ සිදු කල මහා පරිමානයේ සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ සංතෘප්ත මේධ හදවත් රෝග නිසා වන මරණ වැඩිවීම කෙරෙහි සම්බන්ධයක් නොමැති බවයි. එහි සැබෑ පැතිකඩ වනුයේ සංතෘප්ත මේද HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර LDL අංශු වල ප්‍රමාණය විශාල කර අවදානම අඩු කරන බවයි. කෙසේ නමුත් පමණට සංතෘප්ත මේද සහිත ආහාර ගැනීම සුදුසුයි.


7. කෝපි පානය අහිතකරයි.

කෝපි පානය අහිතකර බවට බොහෝ විට සැලකෙන්නේ කැෆින් අඩංගු වන නිසයි. කෙසේ නමුත් කෝපි පානය කිරීමෙන් අත්වන ප්‍රධාන වාසි ද තිබේ. කෝපි යනු බටහිර රටවල් වලට ඇති ඉතා ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. කෝපි මගින් මානසික අවපීඩනය ,දෙවන අදියරේ දියවැඩියාව , ඇල්සයිමර් , පාර්කින්සන් වැනි රෝග වැළඳීමේ හැකියාව අවම කරයි.


8. තෙල් කෑවම මහත් වෙනවා. ඒක හින්ද තෙල් කන්නේ නැතුව ඉඳල බර අඩු කරගන්න.

අපේ හම යටින් තියෙන්නේ මේද ස්ථරයක්. ඒක හින්ද තමයි මෘදු බවක් සහ පිරුණු බවක් ලැබිල තියෙන්නේ. ඒක හින්ද තෙල් කන එක අඩු කරන්න ඕනේ කියන එක සාධාරණ හේතුවක් වගේ පෙනුණත් ඇත්ත කතාව මේකයි. මේදය වැඩි කාබොහයිඩ්‍රේට වැඩි ආහාර ඔබව තරබාරු කරයි. එහෙම වෙන්නේ මේදය හින්දා නෙමෙයි. මේදය වැඩි පිෂ්ටය අඩු ආහාර ගන්න පුරුදු වුනොත් මේදය අඩු ආහාර වේල් ගන්න පුරුදු වුනාටත් වඩා කෙට්ටු වෙන්න පටන් ගන්නවා.


9. අධි ප්‍රෝටීන සහිත ආහාර මගින් වකුගඩු වලට බලපෑම් ඇති කරන හින්දා වකුගඩු ආශ්‍රිත ලෙඩ හැදෙන්න පුළුවන්.

වකුගඩු රෝග වැළඳුනු පුද්ගලයන්ට ප්‍රෝටීන සහිත ආහාර අඩුවෙන් ගන්න කිව්වත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මේ කාරණය වලංගු වෙන්නේ නෑ. මේ ගැන නොයෙක් අධ්‍යන මගින් පිළිගෙන තිබෙනවා. ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අඩු කිරීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාවත් ඇති වීම අවම කරනවා. බොහෝ විට වකුගඩු නරක වීමට බලපාන සාධක වන්නේ මේවායි.


10. සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර සංතෘප්ත මේද සහ කැලරි වලින් ගහනයි. තරබාරුකම වගේම හදවත් රෝග වැළඳීමේ අවදානමත් වැඩි කරනවා.

සම්පුර්ණ යොදය සහිත ආහාර සංතෘප්ත මේදය සහ කැලරි වලින් පරිපුර්නයි. මේ හේතුව නිසාම යොදය රහිත ආහාර අනුභව කරන්න උපදෙස් ලැබෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙනීයන්නේ සම්පුර්ණ යොදය සහිත ආහාර හදවත් රෝග වැළඳීම හා සම්බන්ධ නොවන අතර තරබාරු බවටත් විශාල ලෙස බලනොපාන බවයි. නමුත් මෙමගින් පැවසෙන්නේ නෑ ඔබට ඕනෑතරම් යොදය සහිත ආහාර පාන අනුභව කරන්න පුළුවන් කියල. කලින් මතක් කර වගේම හැම දේටම සීමාවක් තියන බව මතක තියාගන්න.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks