කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු
ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ
ඔන්න පටන් ගම්මු එහෙනම්
මේක කිපැඩ් එකේ ගහන්න
319712358
දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K
දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.
ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම් ෆෝන් එකෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්.
මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා ..