Latest News

Ads

Wednesday, May 13, 2015

ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


Brick වෙනවා කියන්නේ, ෆෝන්එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක් වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන Custom Rom එකක් හරි Firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන Zip Files, Custom Rom, Kernel, Flash කලහමත් Brick වෙන්න පුලුවන්. Brick වීම කොටස් 2යි.

1. Soft Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට Power එනවා. Boot Logo එක ගාවටත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට Stock Rom එක ගහලා හරි Unbrick File එකක් Flash කරලා හරි Soft Brick එක අපිටම හදා ගන්න පුලුවන්.

2. Hard Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන්ෂොප් එකකට අරන් යන්න වෙනවා. Box එකක් ආදාරයෙන් තමයි කඩවලත් එක කරන්නේ.

B්rick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන Firmware, Custom Rom, Zip Files, Custom Kernel විතරක් Flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, Google Search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක Brickවෙන එකක් නෑ.... :-)


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ෆෝන් එකට එන Ads නැති කර ගමු


ෆෝන් එකට එන Ads නැති කර ගමු


ඔයාලගේ Android ෆෝන් එකට සමහර ඇප්ස් දැම්මහම හැම තිස්සෙම එක එක ඇඩ් එනවානේ. ඒක හුග දෙනෙක්ට ලොකු කරදරයක්. මන් දැන් කියන්න යන්නේ කොහොමද ඒ ඇඩ් නැති කර ගන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවා ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා. හරි එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම මන් දෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

< ඩවුන්ලෝඩ් >

දැන් ඇප් එක Install කරන්න

ඊළගට Enable Ad Blocking දෙන්න.

ඔච්චරයි කරන්න තියෙන්නේ. වැඩේ හරිගියාම මන් දාලා තියෙන Screenshot එකේ විදිහට වැටෙයි. දැන් ඔයාලගේ ෆෝන් එකට එක එක ඇඩ් එන්නේ නෑ... :-)



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   





ටයිමින් වලට පරිගණකය Shutdown, Restart, Lock කරමු


ටයිමින් වලට පරිගණකය Shutdown, Restart, Lock කරමු


මේකනම් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ටයිමින් වලට ඔයාලාගේ PC එක Shutdown, Restart, Lock කරන්න පුලුවන්. ඔයා මැෂින් එකෙන් මොනාහරි කර කර ඉන්න කොට වෙන මොකක් හරි වැඩකට යන්න වුනොත් අන්න එහෙම වෙලාවට මේ සොෆ්ට්වෙයා එක ඔයාලට ගොඩක් වටියි. අරගෙනම බලන්නකෝ එහෙනෙම් කොහොමද බාණ්ඩේ කියලා...

< වින්ඩෝස් XP, 7 ,Viata කට්ටියට >

< වින්ඩෝස් 8 කට්ටියට >

මේකේ ඔයාලා ටයිමින් ටාස්ක් එකක් හදද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඒකට ඔයාල කැමති පාස්වර්ඩ් එකක් දෙන්න.හැබැයිමතක තියාගන්න ඔයාල හදන මේ ටාස්ක් එක කැන්සල් කරන්න නම් ඔයාලට ඒ දාපු පාස්වර්ඩ් එක ඕන වෙනවා...






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

අපිත් Tatoos ගහමු


අපිත් Tatoos ගහමු


මේකත් පට්ට ඇප් එකක්. මේකෙන් පුලුවන් අපි ඇත්තටම ගහලා තියෙනවා වගේ අපේ Photos වල Tatoos ගහන්න. මාත් කරලා බැලුවා. ඇත්ත වගේමයි. කැමති අය අරගෙන බලන්න. මන් පහලින් Screenshot ටිකකුත් දැම්මා.

< ඩවුන්ලෝඩ් >






Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න


Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න


Poweramp කියලා කියන්නේ කාගෙත් හිත දිනා ගත් සුපිරි Player එකක්නෙ. Poweramp Free මෘදුකාංගය දවස් 30 කට පස්සෙ වැඩ නෑ මොකද මෙකෙ Full Version එක බාගන්න ඔනි. Poweramp Full Version Unlocker කියන්නෙ මෙම මෘදුකාංගයේ සමිපුර්ණ මෘදුකාංගයයි. මෙය ගූගල් ප්ලේ වෙතින් ලබා ගන්නවනමි ඔබට $3.99 වැනි මුදලක් වැයකීරිමට සිදුවෙනවා.සල්ලි දීලා ගන්න ඕනෙ නෑ. මෙන්න එහෙනම් Free බාගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


Bootloader ගැන දැන ගමු


Bootloader ගැන දැන ගමු


*.මොකක්ද මේ Bootloader කියන්නේ?

ජංගම දුරකතනය ක්රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්භ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්භ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත්වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්රියාවලිය වැදගත් වෙනවා. මේ නිසා Google සමගම විසින් Android Operating System එකත් එක්ක Base Bootloader එකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා. සාමාන්යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක Lock කරලා තමයි තියෙන්නේ (Except Samsung). User විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

*.Bootloader Unlock කරනවා කියන්නේ මොකක්ද?

Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට Custom Kernal එකක් Flash කරන්නනම් එහි Bootloader එක Unlock කර තිබිය යුතුයි.

*.දුරකතනයේ Bootloader Unlock කිරීම කල යුතුමද?

නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි. ඒත් අලුතින් Custom Rom (Stock Kernal එකෙන් Boot නොවන) Flash කිරීමට අවශ්යනම් Bootloader Unlock කිරීම අනිවාර්ය වේ.

*.දුරකතනයේ Bootloader Unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?

*#*#7378423#*#* මගින් Service Manu එක ලැබෙන අතර එහි Service Info\Configuration වලට යාමෙන් මෙය බලාගතහැක.




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


අලුත්ම අලුත් App එකක් ගැනයි අද මන් කියන්න යන්නේ. මේ App එක තමයි Photo Math. මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් App එකක්. මේ අලුත්ම App එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියලා. ගණිත ගැටලු විසදීම සදහා මෙම App එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය. ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා. මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම App එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android App එකත් නිකුත් කරනවා කියල තමයි මයික්රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ. iOS කට්ටියයි, Windows කට්ටියයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

පිස්සු හැදෙන Navdy තාක්ෂණය


පිස්සු හැදෙන Navdy තාක්ෂණය


අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඕන ෆිල්ම් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න


ඕන ෆිල්ම් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න

ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන අයටනම් මේක නියම ඇප් එකක්. ෆිල්ම් වගේම ඕන ෆිල්ම් එකක සිංහල Subtitle එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේකෙන්. ඇන්ඩ්රොයිඩ් කට්ටියට තමයි ඉතින් මේක පුලුවන්. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.

< ඩවුන්ලෝඩ් >






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා.

සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්රියාකාරකම් සහඅවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින්පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා. මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න


Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න


මේක පොඩි ඇප් එකක්. මේක දාපුවාම Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. දැන් තියෙන Facebook App එකෙන් Chat කරන්න බෑ, Chat කරන්නනම් ෆෝන් එකේ අනිවාම Messenger තියෙන්න ඕනේ. ඉතින් මේක දාපුවාම ඔයාලට Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවාම ඔයාගේ ෆෝන් එක Root කරලා තියෙන්න ඕනා. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Sensor ටික වැඩද කියලා බලාගන්න


ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Sensor ටික වැඩද කියලා බලාගන්න




මේකත් නියම බාණ්ඩයක්. මේකේ නම Android Sensor Box. මේකෙන් පුලුවන් අපේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ තියෙන Sensor ටික වැඩද කියලා බලාගන්න. SecondHand ෆෝන් ගන්න ඉන්න අයටනම් මේක ගොඩාක් උවමනා වෙයි. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks