Latest News

Ads

Saturday, January 10, 2015

Android FAQ - Android ගැන නිතර නැගෙන ප්‍රශ්න වලට පිලිතුරු!!


Android FAQ - Android ගැන නිතර නැගෙන ප්‍රශ්න වලට පිලිතුරු!!






අද මම ඔයාලට කියාදෙන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන කොට නිතර නැගෙන ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. සමාන්‍ය යෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් අයට හා ඇන්ඩ්‍රොයිඩ් දැනටමත් පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා


මම මේ තොරතුරු ටික ඔයාලට දෙන්නේ Q&A ක්‍රමේට. එහෙනම් වැඩේ පටන් ගම්මු


ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකක්ද?


Android කියන්නේ දැනට ලෝකේ පාවිච්චි කරන Mobile OS වලින් ප්‍රධානම OS එකක්. ලෝකේ හැම රටකම වගේ දැන් Android ෆෝන් තියනවා. මේක මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ මේක හදලා තියෙන්නේ Linux කියන Open Source OS එක පාවිච්චි කරලා. ඒ හින්දා ලෝකේ ඕනෙම කෙනෙකුට මේ OS එක තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කර ගන්න පුළුවන්.



Android ෆෝන් වලට වයිරස් එනවද?


ඇත්තටම කිව්වොත් Android වලට වයිරස් නෑ. මේකට හේතුව වෙන්නෙ මේක Open Source, ඒ කියන්නේ මේකේ ඇතුලේ තියන OS Detail ඔනේ කෙනෙකුට නොමිලේම ගන්න පුළුවන් නිසා. මේ ගැන මම වෙන දවසක වෙනම පෝස්ට් එකකින් වැඩි දුරට කතා කරන්නම්.



එහෙනම් ඇයි Android ෆෝන් වලට වයිරස් ගාඩ් තියෙන්නේ?


මේකට ප්‍රධාන හේතුව වයිරස් ගාඩ් හදන සමාගම් වලට පැවැත්මක් පැවතිය යුතු වීම නිසා. ඇත්තටම මුලින්ම ෆෝන් වලට වයිරස් ගාඩ් එන්න පටන් ගත්තේ iPhone වලට. iPhone ආපු දවස් වල ඒවට එක එක ජාතියේ වයිරස් ආවා. ඒ හින්දා ඒ ෆෝන් වලට ගාඩ් හදලා හොදට මේ සමාගම් සල්ලි හෙව්වා. Android ෆෝන් ආපු ගමන් ඒ ෆෝන් වලට වයිරස් ආවේ නෑ. හැබැයි ගාඩ් කම්පැනිත් නිකන් හිටියේ නෑ. ඒ ගොල්ලෝ වයිරස් ගාඩ් එකට අමතරව ඒකට Anti theft Protection System එකකුත් දාලා එව්වා. නැත්තන් කවුරුත් ඔය ගාඩ් ගන්නේ නෑ.



මොකක්ද මේ ROOT කියන්නේ?


Root කියන්නේ ටිකක් ලොකු කතාවක් තියන කේස් එකක්. මම ඒක පැහැදිලිව හා සරලව කියන්නම්. Root එක කියන්නේ ඔයාගේ System එක. ඒක තියෙන්නේ ඔයගේ Internel Memory එකේ කොටසක් විදියට. Internal Memory එකේ ඔයාට ඕනේ දේවල් දාන්න එක Folder එකක් මේ System එකේ ඔයාට වෙන් කරලා තියනවා. ඒකේ තමයි ඔයාගේ ෆොටෝ, සින්දු,.....! සේරම දාලා තියෙන්නේ. ඒත් ඔයාගේ System එකේ අනිත් file වලට ඔයාට මොකුත් කරන්න බෑ. ඒ මොකුත් කරන්න බැරි කොටසට තමයි ROM (Read Only Memory) කියන්නේ.

Rom එකේ තියන දේවල් වෙනස් කරන්න හරි ඒකට තව මොනවා හරි දාන්න ඕනේ නම් අපට ෆෝන් එක Root කරන්න වෙනවා. රූට් කරන හැටි මෙතනින් බලා ගන්න.

Root Asses එක තියනව නම් ඔයට ඕනේ දෙයක් වෙනස් කර ගන්න පුලුවන්!



ROOT කලහම මොකද වෙන්නෙ? ෆෝන් එකේ Software යයිද? මගේ තියන Data මැකෙයිද?


ROOT ඕනේ කරන Apps දාන්න පුළුවන්. ෆෝන් එක ලස්සන කර ගන්න පුළුවන්. ඕනේ නම් ෆෝන් එක සම්පූර්ණයෙන්ම කනපිට ගහන්න පුළුවන්.

මේකෙන් ඕනේ නම් ෆෝන් එක කණපිට ගහ ගන්න!!


Root කලාට ෆෝන් එකට මොකුත් වෙන්නේ නෑ. Root කරලා වැරදුනොත් ආයෙත් UNroot කරන්න පුළුවන්.


Root කලාට කිසිම දෙයක් ඔයාගේ ෆෝන් එකේ මැකෙන්නේ නෑ. Root කරනවා කියන්නේ පොඩි App එකක් Install කරනවා වගේ වැඩක්.



Root කලහම Warrenty නැති වෙන්වද?



ඔව්. ඒත් බයවෙන්න දැයක් නෑ. Root කරපු විදියටම Unroot කරන්නත් පුළුවන්.



Bootloader කියන්නේ මොකක්ද?



මේකෙන් කියන්නේ ඔයාගේ ෆෝන් එක Boot වෙන පිළිවෙල. හරියට ඔයාගේ PC එකට System දාන කොට CD-ROM එක මුලින් boot වෙන්න දානවා වගේ. Normaly Boot වෙන්නේ කෙලින්ම System එක. ඒත් ඔයා Bootloader එක Unlocked කරලා නම් ඔයාට ෆෝන් එකේ වෙනම මෙනු එකකට Enter වෙන්න පුළුවන්. ගොඩක් ෆෝන් වල Bootloader එක Locked විදියට තියෙන්නේ. Unlocked කලහම ඔයාට වෙනම මෙනු එකක් ගන්න පුළුවන්.



Bootloader Unlocked කරන්නේ කොහොමද? එතකොට මොකක්ද මේ CWM කියන්නේ.?



කලින් කිව්වා වගේ Bootloader Locked ෆෝන් වලට වෙනම විදියකට Unlocked කර ගන්න ඕනේ. එහෙම Unlocked කරන කොට ඔයාගේ ෆොන් එකට එන මෙනු, එහෙම නැත්තම් Recovery Menu එකක් තමයි CWM (Clockwork Mode) කියන්නේ. මේකෙන් ඔයාට ඔයාගේ තියන System එකේ backup එකක් ගන්න, එහෙම නැත්තන් වෙනම System එකක් ගහන්න මේ CWM එකෙන් පුළුවන්.



Stock Rom කියන්නේ මොකක්ද?



Stock Rom කියන්නේ ෆෝන් එක ගන්න කොටම කම්පැනි එකෙන් එන System එක. ඒකේ අවුලක් ගියොත් ගොඩක් වෙලාවට Internet එකෙන් ඇරන් දාන්න පුලුවන්. CWM එකෙන් Backup කරලා තියාගෙන හිටියා නම් Restore කරන්න පුළුවන්.



Custom Rom කියන්නේ මොකක්ද?



මම මුලින්ම ඔයාට කිව්වනේ Android කියන්නේ ඕනෙම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් OS එකක් කියලා. ඒ හින්දා ලෝකේ ඉන්න සමහර Programmers ලා Original ROM එකකින් ඒකේ තියන දේවල් වෙනස් කරලා වෙනම System එකක් නිර්මණය කරනවා. ඒවට තමයි Custom Rom කියන්නේ.


ගොඩක් වෙලවට Custom Rom පාවිච්චි කරන්නේ ඔයගේ ෆෝන් එකට එන්නේ නැති Update එකක් ෆෝන් එකට ගන්න ඕනේ උනහම තමයි. ඒ කියන්නේ අපි කියමුකෝ ඔයාගේ ෆෝන් එකට ICS වලින් උඩ Update එකක් ඇවිල්ලා නෑ කියලා. ඔයාට පුළුවන් Custom Rom එකක් හරහා ඕනේ නම් JB, KK වගේ Update එකක් ඔයාගේ ෆෝන් එකට දා ගන්න.



Custom Rom එකක් ගහන්නේ කොහොමද අපි? ඕනේ එකක් මගේ ෆෝන් එකට ගැලපෙනවද?



Custom Rom ගහන්නේ ගොඩක් වෙලාවට CWM හරහා.


එහෙම ගහන හැම රොම් එකම ඔයගේ ෆෝන් එකට ගැලපෙන්නේ නෑ. ඒකට ඔයාගේ ෆෝන් එකට ගැලපෙන එක ගූගල් එකෙන් හොයලා ගන්න ඕනේ.



Custom Rom ගහන කොට ෆෝන් එකට මොකක් හරි වෙයිද?



ඔයා වැරදි Custom Rom එකක් ගහන්න හැදුවොත් ෆෝන් එක Brick වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ නැතුව හරි ෆෝන් එක On උන ගමන් Recovery Menu එකට යනවා වගේ දේවල් වෙනවා. එතකොට කොහොම හරි Stock ROM එකක් ගහලා ෆෝන් එක යථා තත්වයට් ගන්න පුළුවන්.


ඒහින්දා Brick උනා කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හදන්න පුළුවන්.



ෆෝන් එක රෑ ඉදන් උදේ වෙනකම් චාජ් එකට ගහලා තිබ්බොත් බැටරියට හොද නැද්ද?


එහෙම නෑ. Android ෆෝන් Overcharge වෙන්නේ නෑ. ඔයාගේ ෆෝන් එක 100% Charge උන ගමන් ෆෝන් එකේ බැටරිය Disconnect වෙලා charger එකෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාට ඕනේ නම් බැටරිය ගලවලා ගන්න උනත් පුළුවන්.



ෆෝන් එකේ Ram එක 1GB. ඒත් පෙන්නන්නේ 785MB නේ. ඒක හදන්නේ කොහොමද?


ඔයාගේ රැම් එක කොච්චර තිබුනත් ෆෝන් එකේ System එකට හා ෆෝන් එකේ GPU එකට වෙනම ගානක් Ram එකෙන් කැපෙනවා. ඒකයි එහෙම අඩුවෙන් පෙන්නන්නේ.


ඔලුවට එන හැම ප්‍රශ්නෙම ඔන්න මම දැම්මා. තව මොනවා හෘඉ ප්‍රශ්න ඔයාලට ඇවිල්ලා තියනවා නම් මේකේ කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන කොට ඔයාගේ ෆෝන් එකේ Model Number එක, දැනට තියන OS එක ගැන විස්තර ඇතුව දානවා නම් මට එක පාර උත්තර දෙන්න පුළුවන්


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks