Latest News

Ads

Wednesday, May 13, 2015

කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


අලුත්ම අලුත් App එකක් ගැනයි අද මන් කියන්න යන්නේ. මේ App එක තමයි Photo Math. මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් App එකක්. මේ අලුත්ම App එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියලා. ගණිත ගැටලු විසදීම සදහා මෙම App එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය. ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා. මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම App එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android App එකත් නිකුත් කරනවා කියල තමයි මයික්රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ. iOS කට්ටියයි, Windows කට්ටියයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks