Bootloader ගැන දැන ගමු
*.මොකක්ද මේ Bootloader කියන්නේ?
ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්භ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්භ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත්වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා. මේ නිසා Google සමගම විසින් Android Operating System එකත් එක්ක Base Bootloader එකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා. සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක Lock කරලා තමයි තියෙන්නේ (Except Samsung). User විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.
*.Bootloader Unlock කරනවා කියන්නේ මොකක්ද?
Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට Custom Kernal එකක් Flash කරන්නනම් එහි Bootloader එක Unlock කර තිබිය යුතුයි.
*.දුරකතනයේ Bootloader Unlock කිරීම කල යුතුමද?
නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි. ඒත් අලුතින් Custom Rom (Stock Kernal එකෙන් Boot නොවන) Flash කිරීමට අවශ්‍යනම් Bootloader Unlock කිරීම අනිවාර්ය වේ.
*.දුරකතනයේ Bootloader Unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
*#*#7378423#*#* මගින් Service Manu එක ලැබෙන අතර එහි Service Info\Configuration වලට යාමෙන් මෙය බලාගතහැක.
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment