Latest News

Ads

Tuesday, May 19, 2015

ඔයාගේ Android එක ආරක්ෂා කර ගන්න පුළුවන් නියම apps එකක් තමා මේක



ඔයාගේ Android එක ආරක්ෂා කර ගන්න පුළුවන් නියම apps එකක් තමා මේක 




සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.










මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.






ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක openකරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක openවෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.

අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටමmessage එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lockකරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phoneඑක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේoff කරන්න මොකුත් කරන්න වත් බෑ.





Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
ඒ phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.


{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.


{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms වල copy එකක් ඔයාටත් ලැබෙනවා.


{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.


ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියනmessage ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.


තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.



දැන් පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව. එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 


                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

              
                              Download 


                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, May 13, 2015

ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


ෆෝන් එක Brick වෙනවා කියන්නේ මොකද්ද?


Brick වෙනවා කියන්නේ, ෆෝන්එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක් වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන Custom Rom එකක් හරි Firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන Zip Files, Custom Rom, Kernel, Flash කලහමත් Brick වෙන්න පුලුවන්. Brick වීම කොටස් 2යි.

1. Soft Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට Power එනවා. Boot Logo එක ගාවටත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට Stock Rom එක ගහලා හරි Unbrick File එකක් Flash කරලා හරි Soft Brick එක අපිටම හදා ගන්න පුලුවන්.

2. Hard Brick - ඒ කියන්නේ ෆෝන් එක On වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන්ෂොප් එකකට අරන් යන්න වෙනවා. Box එකක් ආදාරයෙන් තමයි කඩවලත් එක කරන්නේ.

B්rick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන Firmware, Custom Rom, Zip Files, Custom Kernel විතරක් Flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, Google Search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක Brickවෙන එකක් නෑ.... :-)


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ෆෝන් එකට එන Ads නැති කර ගමු


ෆෝන් එකට එන Ads නැති කර ගමු


ඔයාලගේ Android ෆෝන් එකට සමහර ඇප්ස් දැම්මහම හැම තිස්සෙම එක එක ඇඩ් එනවානේ. ඒක හුග දෙනෙක්ට ලොකු කරදරයක්. මන් දැන් කියන්න යන්නේ කොහොමද ඒ ඇඩ් නැති කර ගන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවා ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා. හරි එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම මන් දෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

< ඩවුන්ලෝඩ් >

දැන් ඇප් එක Install කරන්න

ඊළගට Enable Ad Blocking දෙන්න.

ඔච්චරයි කරන්න තියෙන්නේ. වැඩේ හරිගියාම මන් දාලා තියෙන Screenshot එකේ විදිහට වැටෙයි. දැන් ඔයාලගේ ෆෝන් එකට එක එක ඇඩ් එන්නේ නෑ... :-)



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   





ටයිමින් වලට පරිගණකය Shutdown, Restart, Lock කරමු


ටයිමින් වලට පරිගණකය Shutdown, Restart, Lock කරමු


මේකනම් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ටයිමින් වලට ඔයාලාගේ PC එක Shutdown, Restart, Lock කරන්න පුලුවන්. ඔයා මැෂින් එකෙන් මොනාහරි කර කර ඉන්න කොට වෙන මොකක් හරි වැඩකට යන්න වුනොත් අන්න එහෙම වෙලාවට මේ සොෆ්ට්වෙයා එක ඔයාලට ගොඩක් වටියි. අරගෙනම බලන්නකෝ එහෙනෙම් කොහොමද බාණ්ඩේ කියලා...

< වින්ඩෝස් XP, 7 ,Viata කට්ටියට >

< වින්ඩෝස් 8 කට්ටියට >

මේකේ ඔයාලා ටයිමින් ටාස්ක් එකක් හදද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඒකට ඔයාල කැමති පාස්වර්ඩ් එකක් දෙන්න.හැබැයිමතක තියාගන්න ඔයාල හදන මේ ටාස්ක් එක කැන්සල් කරන්න නම් ඔයාලට ඒ දාපු පාස්වර්ඩ් එක ඕන වෙනවා...






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

අපිත් Tatoos ගහමු


අපිත් Tatoos ගහමු


මේකත් පට්ට ඇප් එකක්. මේකෙන් පුලුවන් අපි ඇත්තටම ගහලා තියෙනවා වගේ අපේ Photos වල Tatoos ගහන්න. මාත් කරලා බැලුවා. ඇත්ත වගේමයි. කැමති අය අරගෙන බලන්න. මන් පහලින් Screenshot ටිකකුත් දැම්මා.

< ඩවුන්ලෝඩ් >






Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න


Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න


Poweramp කියලා කියන්නේ කාගෙත් හිත දිනා ගත් සුපිරි Player එකක්නෙ. Poweramp Free මෘදුකාංගය දවස් 30 කට පස්සෙ වැඩ නෑ මොකද මෙකෙ Full Version එක බාගන්න ඔනි. Poweramp Full Version Unlocker කියන්නෙ මෙම මෘදුකාංගයේ සමිපුර්ණ මෘදුකාංගයයි. මෙය ගූගල් ප්ලේ වෙතින් ලබා ගන්නවනමි ඔබට $3.99 වැනි මුදලක් වැයකීරිමට සිදුවෙනවා.සල්ලි දීලා ගන්න ඕනෙ නෑ. මෙන්න එහෙනම් Free බාගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


Bootloader ගැන දැන ගමු


Bootloader ගැන දැන ගමු


*.මොකක්ද මේ Bootloader කියන්නේ?

ජංගම දුරකතනය ක්රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්භ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්භ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත්වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්රියාවලිය වැදගත් වෙනවා. මේ නිසා Google සමගම විසින් Android Operating System එකත් එක්ක Base Bootloader එකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා. සාමාන්යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක Lock කරලා තමයි තියෙන්නේ (Except Samsung). User විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

*.Bootloader Unlock කරනවා කියන්නේ මොකක්ද?

Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට Custom Kernal එකක් Flash කරන්නනම් එහි Bootloader එක Unlock කර තිබිය යුතුයි.

*.දුරකතනයේ Bootloader Unlock කිරීම කල යුතුමද?

නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි. ඒත් අලුතින් Custom Rom (Stock Kernal එකෙන් Boot නොවන) Flash කිරීමට අවශ්යනම් Bootloader Unlock කිරීම අනිවාර්ය වේ.

*.දුරකතනයේ Bootloader Unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?

*#*#7378423#*#* මගින් Service Manu එක ලැබෙන අතර එහි Service Info\Configuration වලට යාමෙන් මෙය බලාගතහැක.




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


අලුත්ම අලුත් App එකක් ගැනයි අද මන් කියන්න යන්නේ. මේ App එක තමයි Photo Math. මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් App එකක්. මේ අලුත්ම App එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියලා. ගණිත ගැටලු විසදීම සදහා මෙම App එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය. ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා. මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම App එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android App එකත් නිකුත් කරනවා කියල තමයි මයික්රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ. iOS කට්ටියයි, Windows කට්ටියයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

පිස්සු හැදෙන Navdy තාක්ෂණය


පිස්සු හැදෙන Navdy තාක්ෂණය


අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඕන ෆිල්ම් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න


ඕන ෆිල්ම් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න

ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන අයටනම් මේක නියම ඇප් එකක්. ෆිල්ම් වගේම ඕන ෆිල්ම් එකක සිංහල Subtitle එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේකෙන්. ඇන්ඩ්රොයිඩ් කට්ටියට තමයි ඉතින් මේක පුලුවන්. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.

< ඩවුන්ලෝඩ් >






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ඔබේ රහස් හොරකම් කරන Flashlight Apps


ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා.

සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්රියාකාරකම් සහඅවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින්පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා. මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න


Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න


මේක පොඩි ඇප් එකක්. මේක දාපුවාම Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. දැන් තියෙන Facebook App එකෙන් Chat කරන්න බෑ, Chat කරන්නනම් ෆෝන් එකේ අනිවාම Messenger තියෙන්න ඕනේ. ඉතින් මේක දාපුවාම ඔයාලට Messenger නැතුව Facebook App එකෙන්ම Chat කරන්න පුලුවන්. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවාම ඔයාගේ ෆෝන් එක Root කරලා තියෙන්න ඕනා. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   


ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Sensor ටික වැඩද කියලා බලාගන්න


ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Sensor ටික වැඩද කියලා බලාගන්න




මේකත් නියම බාණ්ඩයක්. මේකේ නම Android Sensor Box. මේකෙන් පුලුවන් අපේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ තියෙන Sensor ටික වැඩද කියලා බලාගන්න. SecondHand ෆෝන් ගන්න ඉන්න අයටනම් මේක ගොඩාක් උවමනා වෙයි. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Saturday, May 9, 2015

ලෝකයට හොරෙන් E -Mail යවමුද?



ලෝකයට හොරෙන් E -Mail යවමුද?






කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් තවත් වැදගත් කියන දෙයක් 

අරගෙන මම අවා
මේකනම් සොෆ්ට්වෙයාර් එකක් නම් නෙමෙයි.
මේ සයිට් එකට ගිහින් ඔයාල කැමති email එකකින් ඕනෑම කෙනෙක්ට email ඕනෑම තරමක් යවන්න පුළුවන් .යාළුවන්ට පොඩි විහිළුවක් කරන්න නියම ක්‍රමයක්.
ඔයාලත් try එකක් දාල බලන්න .



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

ඔබේ සිම්පතේ ඔබ නොදන් දේ

ඔබේ සිම්පතේ ඔබ නොදන් දේ

Dialog


* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න


*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#


*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )


KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න


පෙරගෙවුම් වයිෆයි


පැය 2 - WIFI50


පැය 4 -WIFI100


පැය 12 - WIFI200


පැය 20 WIFI400


පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel


* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න


* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.


දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch


* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat


* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#


Air Tel


* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#


* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න


පසුගෙවුම් සබදතා සදහා


* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#


* Payment Status - *555*4#


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

නොමිලේ ඩයලොග් ටීවී ඔබේ PC/Laptop එකෙන් බලන්න


නොමිලේ ඩයලොග් ටීවී ඔබේ PC/Laptop එකෙන් බලන්න





සතපහක්වත් ඩේටා කැපෙන්නේ නැතුව ටීවී බලන්න පුළුවන් දැන් ඩයලොග් සිම් එකක් හරහා අන්තර්ජාලය බාවිතා කරන අයට පමණයි ඔයාලා ගාව ඩයලොග් සිම් එකක් නැත්තම් කඩෙන් අරගන්න මේකට ඩයලොග් ඩොන්ගල් එකක් අවශ්‍ය වන්නේ නැ
ඩයලොග් සිම් එකකින් අන්තර්ජාලය බාවිතා කරනවානම් ඔබට මෙම සේවාව ගන්න පුළුවන් පළමුව ඔබගේ වෙබ් බ්‍රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් දුරකථන අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙන අතර දවස් 14ක නොමිලේ චැනල් 20ක් නැරබිමටද අවස්ථාව ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක් අයනොකෙරේ



වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක Gold Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Silver Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Platinum Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Non-premium VOD channel @ Rs.3/Day + Tax and Premium VOD channel @ Rs.5/Day + Tax Movies: Rs.50/week + Tax (per movie) මෙලෙසට පැකේජ වෙන්කර ඇත අදාල පැකේජය සදහා ලැබෙන චැනල් බැලීමට පිවිසෙන්න http://www.dialog.lk/personal/mobile/features-and-vas/mobile-entertainment/mytv/ නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගියන් සදහා පමයි වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක ) Click here to watch MYTV මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Truecaller - ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත



Truecaller - ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත


ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන 
‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’ ස්වීඩනයේ ස්ථාපිත සමාගමකි.

සාමාජිකයන්ට තමන් කැමති අය සමඟ කැමති වෙලාවක දී දුරකථනය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙමින් ‘ටෘකෝලර්’ ජංගම දුරකථන පරිසරය වඩාත් කාර්යක්ෂම කරයි. මෙය සාමාජිකයන්ට ඔවුන්ගේ දුරකථන නාමාවලියේ කලින් ඇතුළත් කර නොමැති දුරකථන අංක වෙතින් පැමිණෙන ඇමතුම් ද නිවැරදිව හඳුනාගැනීම තුළින් සාමාජිකයන්ගේ දුරකථන නාමාවලියේ පරිමාණය ඉක්මවා දුරකථන අංක ලැයිස්තුව වර්ධනය කර දෙයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂාවන් බොහෝමයකින් ස්මාර්ට් ෆෝන් භාවිතයක් ලෙස iOS, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ෆෝන් 8, බ්ලැක්ඛෙරි(7 සහ 10), සිම්බියන් එස් 60 සහ සීරීස් 40 සඳහා ‘ටෘකෝලර්’ සේවාව නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

‘ටෘකෝලර්’ සේවාවේ වේගවත් වර්ධනයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ස්පෑම් දුරකථන ඇමතුම් වළක්වාලමින් සහ ඇමතුම්කරු ක්ෂණිකව හඳුනාගනිමින් ජංගම දුරකථන භාවිතකරුවන් මුහුණ පාන විශාල ගැටළු විසදීමට සහාය වීම ය. වර්ථමානයේ ‘ටෘකෝලර්’ විසින් 28,000 කට අධික ශ්‍රී ලාංකීය ස්පෑම් ඇමතුම්කරුවන් වාර්තා කළ අතර මෙම සේවාව හා සම්බන්ධවීම තුළින් සියළුම සාමාජිකයන්ට මෙම දුරකථන අංකවලින් ලැඛෙන ඇමතුම්වලින් ආරක්ෂාව සැපයේ. ජාත්‍යන්තරව දිනකට මිලියන 05කට අධික ස්පෑම් ඇමතුම් සංඛ්‍යාවක් මෙම භාවිතය විසින් හඳුනාගෙන අවහිර කරනු ලැබේ. ජංගම දුරකථන භාවිතකරුවන්ට ලැඛෙන ඇමතුම්හී ඇමතුම්කරු පැවසීමෙන් එම ඇමතුම ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුනට සහායවෙමින් ‘ටෘකෝලර්’ ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික සහායක ලෙස ක්‍රියා කරයි.

‘ටෘකෝලර්’ හී ආසියානු – මැදපෙරදිග සහ අප්‍රිකා වර්ධන සහ හවුල්කාරිත්ව උප සභාපති කාරි ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසුවේ ‘ටෘකෝලර්’ ජංගම දුරකථන භාවිතය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට හැකිවීම පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව වර්ධනය වන වෙළෙදපොළක් ලෙස හඳුනාගෙන ඇති අතර සියළුම ශ්‍රී ලාංකික ස්මාර්ට්ෆෝන් භාවිතකරුවන්ට මෙම නව්‍ය සේවාව පිරිනමමින් මෙරටට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කළ බවත් එම සමාගම සඳහන් කරයි.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් ‘මෑතක් වන තුරු ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වූ විට ඇමතුම ලබා දුන්නේ කවුද යන්න දැන ගැනීම සඳහා ආපසු එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය යුතු විය අතර එම නිසාම ජංගම දුරකථනහිමියන් ස්පෑම් දුරකථන ඇමතුම්කරුවන්ගේ උගුලට හසු විය. නමුත් ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ දියත් කිරීම සමඟ දැන් සියළුම සාමාජිකයන්ට නිවැරදි ඇමතුම් ලබා ගැනීමට එයා සහාය වෙන බවත්’ සඳහන් කරයි.







ෆෝන් එකේ Delete වුන ඒවා ආපහු ගමු

           ෆෝන් එකේ Delete වුන ඒවා ආපහු ගමු




ඔයාලගේ ෆෝන් එකේ , තිබුණ ෆයිල් Delete කරපුවා හදිසියෙවත් ඕනෙ වුනොත් මොකද කරන්නේ. කරන්න තියෙන්නේ Recovery මෘදුකාංගයකින් නැවත ඒවා ගන්න එක.අන්න ඒකට නියම app එකක්.
මේක ඇන්ඩ්රොයිඩ් , ඇපල් IOS Device වල බාවිතා කරන්න ලේසියි.






>>>>>Click here to Download<<<<<





click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Thursday, May 7, 2015

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?



How to Increase RAM on Android 
mobile phone using SD Card
සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක්   ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන්  වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි .

මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.
මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න

මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.  

මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත 

විඩියෝවෙන්  ඔයාලට තේරෙයි කියලා 

Android Pattern Lock එක අමතක උනොත්? නැත්තම් Lock උනොත්?

 Android Pattern Lock එක අමතක උනොත්? නැත්තම් Lock උනොත්? 

                       Android Pattern Lock එක Reset කරන ආකාරයයි.කඩවල් ගානෙ ගිහින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් නොමිලේම කරගන්න පුලුවන් සරල ක්‍රමයක් තමා මන් අද මේ කියල දෙන්න      යන්නෙ.අය software ගහන්න දෙයක් නැ  




                                       Android Pattern Lock එක Reset

 

 මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.

 පසුව මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” ((if you device doesn’t have a home button just hold together volume up key and power key) තේරුණා නේද 

දැන් DOS Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ  “Delete all User Data” යන්න තෝරන්න.

 පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.

 දැන් ඔයාලගෙ  Android Pattern Lock එක Resetවෙලා ඇති

ඔයාලට මේ post එක වැදගත් වේ  අලුත් post එකෙන් හමු වෙමු BYE  BYe

Tuesday, May 5, 2015

ලේසියෙන්ම You tube Video Download කරමු

ලේසියෙන්ම You tube Video Download කරමු




 අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ YOU TUBE වල Videos ලේසියෙන්ම download කර ගන්න 
පුළුවන් සුප්පා ක්‍රමයක් ගැන මන් ගොඩක් ක්‍රම කියලා දීලා තියනවා  . Android phone වලට නියම you tube video එක තමා මන් අද දෙන්නේ  


  • මේකේ  තියන විශේෂතා නම් : අපට අවශ්‍ය ඕනෙම qulity එකකින් download කර ගැනීමේ පහසු කම 

               උදා ( 3GP )  ( Mp4)  ( HD) මේ ආකාරයෙන් ගොඩක් වර්ග තියනවා  (වඩාත් පැහෙදිලි දසුන් නැරබිය හැක්කේ  ( HD qulity Video වලින් ) 


  • ඉතාමත් පහසු ආකාරයෙන් සොයා ගැනීමට හැකි  download button එක පිහිටා ඇත

ඔයාලත් අරගන බලන්න ගොඩක් වටිනා app එකක් මේක mb 13ක් වගේ තියෙන්නේ
                         Download you tube app 

අදම අපගේ නොමිලේ දෙන Android app එක ලබා ගන්න  මෙතන ඔබන්න   

post බලා අනිත් මිතුරන්ටත් දැන ගැනීම පිණිස share කරන ලෙස  කාරුණිකව ඉල්ලා සිටිමි    ( email:Nirushandulanjala5@gmail.com)




අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  





Monday, May 4, 2015

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන අයුරු

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන                                                අයුරු


How to publish my app on Google Play?


ඔබ  සාදා ගන්නා ලද ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබේම නමින් Google Play Store හි පළ කළ හැක. ඒ සඳහා ඔබ කළ යුත්තේ නව Google Play ප්‍රකාශක ගිණුමක් (Publisher account) සාදා ගැනීමයි. නව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගන්නා අයුරු සහ ඔබේ ඇප් එක Google Play වෙත එක් කරන අයුරු මෙම ලිපිය මඟින් විස්තර කෙරේ.

මිල: Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගැනීම සඳහා ඔබට $25 ක් වැය වේ. ඔබ එක් වරක් $25 ක් වැය කොට ප්‍රකාශක ගිණුමක් සාදා ගත් පසු එමඟින් ඔබට ඇප් ඕනෑම ගණනක් Google Play හි පළ කළ හැක.


පියවර 1 - Google Play ප්‍රකාශක ගිණුමක් තනා ගැනීම

1. https://play.google.com/apps/publish/signup/ වෙත ගොස් ඔබේ Gmail ලිපිනයෙන් ප්‍රවිෂ්ට වන්න.

2. පහත පිටුවේ "I agree..." යන්නට හරි ලකුණ යොදා "Continue to Payment" ක්ලික් කරන්න.



3. "Pay with:" යන්න තෝරා නව ක්‍රෙඩිට් කාඩ් පතක් එක් කිරීමට "Add a new payment method" තෝරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි ඕනෑම කාඩ්පතක් (Webcard වැනි) එක් කළ හැක.



4. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ඇතුළත් කර "Save & Continue" ක්ලික් කරන්න.


5. ඉන්පසු "Buy" ක්ලික් කරන්න.



6. ගිණුම සෑදීම සම්පූර්ණ කිරීමට ඔබේ ප්‍රකාශක තොරතුරු ඇතුළත් කරන්න. Developer name සඳහා ඔබේ ප්‍රකාශක නාමයත්, ඔබේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකයත් පිළිවෙළින් ඇතුළත් කර "Complete registration" ක්ලික් කරන්න.


දැන් ඔබ සාර්ථකව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා නිම කොට ඇත. මෙම ප්‍රකාශක ගිණුමෙන් දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනෑම ගණනක් Google Play වෙත එක් කළ හැක.


පියවර 2 - ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play ‍හි පළ කරන්න

1. පහත පිටුවෙන් "Publish an Android App on Google Play" තෝරන්න.



2. ඔබේ ඇප් එකේ නම ඇතුළත් කර "Upload APK" ක්ලික් කරන්න.



3. පහත "Browse files" ක්ලික් කර ඔබ Appgenz වෙතින් සාදාගෙන බාගත කරගත් ඔබේ ඇප් එකේ APK ගොනුව තෝරන්න.



4. දැන් ඔබේ ඇප් එක පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොරතුරු අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුයි.

  • Product Details: Title (ඇප් එකේ නම), Description (ඇප් එක ගැන විස්තරයක්)
  • Graphic Assets: Screenshots (ඔබේ ඇප් එකේ තිරපිටපත් 2 ක්), High-res Icon (512 x 512 විශාලත්වයෙන් ඔබේ ඇප් එකේ අයිකනය)
  • Categorization: Application type (ඇප් ‍එකේ වර්ගය), Category (කාණ්ඩය), Content rating (අන්තර්ගත ශ්‍රේණිගත කිරීම)
  • Contact Details: Website (වෙබ් අඩවිය), Email (ඊමේල් ලිපිනය)
  • Privacy Policy: Link (මෙය නොමැති නම් "Not submitting privacy policy" යන්නට හරි ලකුණ යොදන්න)
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.



5. ඉන්පසු "Pricing & Distribution" අංශයට ගොස් පහත දැක්වෙන දෑ අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

  • Distribute in these countries: "Select all countries" යන්නට හරි ලකුණක් යොදන්න.
  • Consent: "Content guidelines" සහ "US export laws" යන්නටද හරි ලකුණු යොදන්න.
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.


6. දැන් පිටුවේ ඉහල දකුණු කෙළවරේ දිස්වන "Ready to publish" යන්න ක්ලික් කර එහි ඇති "Publish" යන්න ක්ලික් කරන්න.


සුභපැතුම්! ඔබේ ඇප් එක දැන් සාර්ථකව Google Play හි පළ වී ඇත. කෙසේනමුත් එය අනුමැතියෙන් පසු Google Play හි සැබැවින් දිස් වීමට පැය 2-4 ත් අතර කාලයක් ගත වේ. එම ඔබේ ඇප් එක Google Play වෙත එක් වී ඇත් දැයි තහවුරු කර ගැනීමට පැය කීපයකට පසු ඔබේ ඇප් එකේ නම Google Play හි යොදා සෙවුමක් කර බලන්න.

මෙවැනි වටිනා පොස්ට්  සියලු දෙනාටම  දැන ගැනීම පිණිස share කර අපිට  සහයෝගය දෙන ලෙස කරුණාවෙන් 
                                              දන්වා සිටිමි      <<< නිරුෂාන් Dulanjala>>  


Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks