Latest News

Ads

Tuesday, November 4, 2014

Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක්



Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක්






Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලාබ ලේසි ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුලුවන් Windows 7 පරිගණක වල විතරයි. ලොකු ගානක් ගෙවලා RAM එකක් ගන්න ඕන නෑ. අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්.


ඉස්සර වෙලාම pen drive එක USB port එකට සම්භන්ධ කරන්න. ඊට පස්සෙ My Computer අයිකන් එක Double Click කරලා open කරගන්න. ඔබේ pen drive එතන දැන් පේන්න ඇති. එක Select කරලා ඒක උඩම Right Click කරන්න. ඒක මම පහත රූපයේ පෙන්නලා තියෙනවා.









ඊට පස්සෙ ඒකෙ යටම තියෙන Properties කියන එක Click කරන්න.


ඊට පස්සෙ Dialog Box එකක් මතු වෙනවා. ඒකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික මම පහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.


















මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ. එහෙම වුනොත් මේ වැඩේ ආයෙත් මුල ඉඳලා කරන්න වෙනවා. ඒක අමාරුනම් නෑ. ඒත් මකාගන්න එපා. මේක කරලා බලන්න. හරියනවා. මමත් කලා නියමෙට වැඩ කරනවා. RAM එකකට මොකටද බොරුවට සල්ලි වියදම් කරන්නෙ.








මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks