Latest News

Ads

Tuesday, November 4, 2014

PEN Drive එක FORMAT කරන්න බැරිද ?


ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම්...





සමහර පෙන් ඩ්‍රයිව් එහෙම නැතිනම් USB Flash Drive සමහර වෙලාවට FORMAT කරන්න දෙන්නේ නැතිව යනවා. කිසිම දෙයක් කරගන්න බැරිව තමන්ගේ පෙන් ඩ්‍රයිව් එක ඉවත් කරපු අයත් මම දැකල තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. වයිරස් බලපෑම නිසා Windows Registry එකේ සිද්ද වෙන වෙනසක් හේතුවෙන් තමයි මේක සිද්ද වෙන්නේ. මේක නිවැරදි කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා.
මුලින්ම ඔයාලා හැමෝම දන්නා Regedit.exe කියන ඇප්ලිකේෂන් එක OPEN කරගන්න ඕන. Windows XP වලනම් Run කියන එකට ගිහින් Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. Windows 7 වලනම් Start ක්ලික් කරලා search programs and files කියන තැන Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. ඒකෙ පහලින් ලියල තියෙන තැනට යන්න ඕන





Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies




ඊට පස්සේ පහත රූපයේ පෙන්වා තියෙන ලෙසට Write protect value කියන එක ඩබල් ක්ලික් කරන්න ඕන. ඒකෙ පෙනෙන්න තියෙන Value Data කියන එක 0 ලෙසට වෙනස් කරන්න ඕන.




ඊට පස්සේ OK කරලා ඇප්ලිකේෂන් එක වහලා දාලා පරිගණකය Restart කරන්න ඕන. ඉන්පසු නැවතත් USB Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරලා ෆොර්මැට් කරන්න පුලුවන්ද කියලා බලන්න. StorageDevicePolicies කියන එක හොයාගන්න නැතිනම් එම කොටස අපිටම හදලා දාගන්නත් පුළුවන්. මෙහිදී Control\ කියන තැන ක්ලික් කරලා වම්පසින් තිබෙන කොටසේ හිස් තැනක Right click කරලා New - Key කියලා දීලා අලුත් එකක් හදාගන්න. නම හරියටම දෙන්න ඕන StorageDevicePolicies කියලා. ඒක ඇතුලේ ඉතිරි එකත් හදාගන්න ඕන. ඉතිරි එක DWORD කියන Value එකෙන් හදාගන්න ඕන. ඊට පස්සේ මුල් පියවර ටික අනුගමනය කරන්න ඕන. ඔබ විසින් කලයුත්තේ එපමණයි.
මේක හරි ගියේ නැති ය ඉන්නවනම් commend කරන්න අනිත් ක්‍රමයක් කියලා දෙන්නම්
තවත් post එකකින් හමු වෙමු ස්තුති ...


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks