ANDROID DEVELOPER TOOLS - ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදමු
ලෙස හදුන්වන්නෙ මේවායි. දැන් තියන ඇප්ස්වලට අමතර වශයෙන් විශෙශ වැඩ කරන්නට ඕනෑ කරන නවතම ඇප්ස් ලියන්නට අප කාටත් දැන් අවකාශ තිබේ. අන්තර්ජාලය හරහා අපට ඩවුන්ලෝඩ් කරගන්නට දී තිබෙන EDT Tool නම් පරිගනක වැඩසටහන අපගේ පරිගනකයට ඉන්ස්ටෝල් කරගත් විට මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් ලිවීම ආරම්භ කරන්නට පුලුවන. මෙම EDT Toolsවැඩසටහන පහත දී තිබෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
Free Software
මෙය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගත් පසු ඇප් එකක් හදන්නෙ කොහොමද කියල බලමු.
අලුත් ප්‍රොජෙක්ට් එකක් ඇරභීම.
අලුත් ප්‍රොජෙක්ට් එකකින් වැඩ ඇරබීමට File --> New--> Android Application Project යන්න ලබා ගත යුතුය. මෙවිට Android Application නම් වින්ඩෝ එක විවුත්‍ර වේ. මේ හුලුන් පහත දැක්වෙන සැකසුම් කරන්නට පුලුවන.
Application Name - ඇප් එකට ලබා දෙන නම මෙහි සටහන් කල යුතුය.
Project Name - ප්‍රොජෙක්ට් එක සේව් වන නම මෙහි සදහන් කල යුතුය. මෙවිට මෙනමින් ෆෝල්ඩර් එකක් සකස් වී ඒ තුල ප්‍රොජෙක්ට් එකට අදාල ෆයිල් සේව් වේ.
Package Name - පැකේජ් එකෙ නම මෙහි සටහන් කල යුතුය. එහෙත් මේ සැකසුම් ඉබේම සකස් වන නිසා මෙය වෙනස් කල යුතු නැත.
Minimum Required SDK - සකස් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ක්‍රියාත්මක විය යුතු පැරනිම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරනය කුමක්ද යන්න මෙතනින් ලබා දිය යුතුය.
Target SDK - සකස් කරන ලද ඇප් එක ක්‍රියාත්මක විය යුතු පැරනිම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරන්ය කුමක්ද යන්න මෙතනින් ලබා දිය යුතුය.
Compile With - සකස් කරන ලද ඇප් එක කම්පයිල් කරන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරනය මෙතනින් ලබා දිය යුතුය. මෙහිදි දැනට ඇති අලුත්ම සංස්කරනය ලබාදිම හොදය.
Theme - ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ යූසර් ඉන්ටෆේස් එකෙහි පෙනුම මේ තුලින් තෝරා දිය යුතුය.
මෙම සැකසුම් කිරීමෙන් පසුව පහලින් ඇති Next Button එක ක්ලික් කල විට මීලග පියවරට යොමු වේ. දැන් එම පියවරේ ඇති සැකසුම් එලෙසින්ම තිබියදි නැවතත් Next Button ක්ලික් කර අනෙක් පියවරට යොමු විය යුතුය. මෙහිදි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකට කැමති අයිකන් එකත් ලබා දී මීලහ පියවරට යොමු විට යුතුය. මීලග පියවරේදි Create Activity යන්න සිලෙක්ට් කොට තිබියදී ලිස්ට් බොක්ස් එක තුලින් Blank Activity යන්න සිලෙක්ට් කර Next බට්න් එක ක්ලික් කල යුතුය. අවසානයෙ ලැබෙන්නෙ Blank Activity නම් පිටුවයි. මෙහි සැකසුම් එලෙසින්ම තිබියදි පහලින් තිබෙන Finish ක්ලික් කල යුතුය. ඇප් එකක් සැකසිය හැකි ඇප්ලිකේශන් වින්ඩෝවක් ලැබෙන්නෙ මෙවිටය.
මෙහි වම් පසින් තිබෙන්නෙ Package Explorer නම් පැනල් එකයි. මේ තුල ප්‍රොජෙක්ට් එකට අයත් පැකෙජ් සියල්ලම පෙන්වයි. සම්මත වශයෙන් මෙහි MeApp යටතේ තිබෙන res තුල ඇති Layout තුලින් Activity_main.xml යන්න සිලෙක්ට් වී ඇත. මෙය සිලෙක්ට්ව ඇති විට දකුනු පසින් ඇති Activity_main.xml ටැබ් එක තුල ඇප් ඉන්ටෆේස් එක දැක ගන්නට පුලුවන. මෙම Package Explorer පැනල් එක IDE එක මත දැක ගත නොහැකි නම් Window Menu එක තුලින් Show View යන්න තෝරා ගත්විට ලැබෙන සබ් මෙනුවෙන් Package Explorer යන්න ලබාගත යුතුය .මෙහි Activity_main.xml ටැබ් එක තුල වම් පසින් ඇති පැලට් එකෙහි සකස් කරන ඉන්ටෆේස් එකට යොදා ගත හැකි විවිද කන්ට්‍රෝල් තිබේ. මේවායින් අවශ්‍ය ඒවා මත ක්ලික් කර ඉන්ටෆේස් එක මතට ඇද දැමීමට පුලුවන.
මෙසේ ඉන්ටෆේස් එක මතට යොදා ගන්න කන්ට්‍රෝල් වලට අදාල වෙනස්කම් කය යුත්තෙ Properties පැනල් එක තුලිනි. ඉන්ටෆේස් එක මත ඕනැම කන්ට්‍රෝල් එකක් සිලෙක්ට් කල විට ඊට අදා ප්‍රොපටීස් පෙන්වන්නෙ මෙම Properties පැනල් තුලයි. මෙසේ IDE එකෙහි විවිද කටයුතු කරන විට එය මුල් ස්වරූපයෙන් වෙනස් වේ. ඔබට නැවත මුල් වරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් Window මෙනූ එකේ reset perspective යන්න හරහා යායුතුය.
අද ලොව සැම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්ම සකසා තිබෙන්නෙ මෙම වැඩසටහන උපයෝගී කරගෙනය. ඇප් එකක් එක එක වැඩ කැලි දමා හදන හැටි ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.
No comments:
Post a Comment