Wipe
දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.
Flashing
රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ.
මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.
ROM
රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින් සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ
Kernel
මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.
No comments:
Post a Comment