Latest News

Ads

Monday, June 29, 2015

Android සංස්කරණ


Android සංස්කරණ


ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේ අතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්‍රිසි හෝඩියේ ආකරාදි පිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)




ඒ තමයි අපි කව්රුත් දන්න,



Android 1.0
Android 1.5 (CUPCAKE)
Android 1.6 (DONUT)
Android 2.0 (ECLAIR)
Android 2.2 (FROYO)
Android 2.3 (GINGERBREAD)
Android 3.0 (HONEYCOMB)
Android 4.0 (ICE CREAM SANDWICH)
Android 4.1 (Jelly BEAN)



කියන සංස්කරණ.

දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට් ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් හින්දා.




ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්‍රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙන ආදායමෙන්.

ඉතින් හිතල බලන්නකො අව්රුදු 6 කට කලින් ඩොලර් මිලියන 50ක් දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල.


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

මොනවද මේ Custom ROM කියන්නේ


   මොනවද මේ Custom ROM කියන්නේ

හැඳින්වීම






කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)



එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.


Custom Rom වර්ග දෙකකි

Stock ROM

දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය. (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි. (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM

මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.



Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?

නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,


Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.
නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.



Custom ROM භාවිතා කිරීමේ අවාසි !

රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා.

Internal Memory පිරීමේ ගැටලුවට විසඳුම්



Internal Memory පිරීමේ ගැටලුවට විසඳුම්



On My Phone Xperia Ray




බොහෝ Android දුරකථනවල ඇති ගැටලුවක් වන්නේ අඩු Internal Memory ප්‍රමාණයයි. Low/High Range ෆෝන් වල Internal Memory මෙගා බයිට් 100~ සිට ~500 වන අතර, High End දුරකථන වල මෙය 2GB<< දක්වා විහිදී යයි. ඇතැම් ෆෝන් වල 1GB පමණ තිබුණද මෙහෙයුම් පද්ධතිය විසින් මෙගා බයිට් 500ක් පමණ කා දමා ඇත.

මෙයින් ඇතිවන ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමට යාමෙන් ඉන්ටර්නල් මෙමරි පිරීමත්, දුරකථනය ස්ලෝ වීමට පටන්ගැන්මත් ය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටර්නල් මෙමරියට වීම තවත් ගැටලුවකි. (ඉස්සර තිබුණ සිම්බියන් වලත් SD කාඩ් එකට ඇප්ස් දැම්මහැකි නේ)



Moving Apps to SD Card
ඔබ විසින් ගූග්ල් ප්ලේ එකෙන් ඩවුන්ලෝඩ් කරන ලද ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටනල් මෙමරියට වුවත්, පසුව මේවා SD කාඩ් එකට මූව් කල හැක. නමුත් ඇතැම් ඇප්ස් මෙලෙස මූව් කල නොහැක (විජට්, ලයිව් වෝල්පේපර්, ... )
මීට අමතරව දුරකථනයේ ඇති ස්ටොක් ඇප්ස් (ෆෝන් එක ගන්නකොටම තියන ඒවා) සහ සමහර ගූග්ල් ඇප්ස් මුව් කල නොහැක.


Data සහ Cache කිරීම
ඔබ නිතරම නෙට් සමග සම්බන්ද වන ඇප්ස් පාවිච්චි කරනවානම් (ජීමේල්, ෆේස්බුක් .. ) කැශේ කිල්යර් කිරීම හොඳය. මන්ද මේවායෙහි ඇතැම් විට මෙගා බයිට 5~10 අතර කැශේ මෙමරි රඳවාගන්නා නිසාය.


ඩේට ක්ලියර් කිරීමෙන් එම ඇප් එකට අදාල දුරකථනයේ සේව් වී ඇති දත්ත මැකී යයි. ෆේස්බුක් එකේ ඩේට ක්ලියර් කරොත් ඔබට නැවත වතාවක් ලොග් වීමට සිදු වනු ඇත. මෙමගින් මෙගා බයිට් 5~ පමණ ඉතුරු කරගත හැක


අනවශ්‍ය Apps ඉවත් කිරීම
ඔයාට සමහර ඇප්ස් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවනම් ඒවා අයින් කරලා දාන්න. සමහර වෙලාවට අපිත් බොරු ශෝ එකටයි වෙන එව්වටයි ඕනේ නැති ඇප්ස් දාගෙන ඉන්නවනේ.


Root කිරීමෙන් ගත හැකි විසඳුම්

Link 2 SD (Root Needed)



ඔබේ ෆෝන් එක රූට් කරලා නම් මේ ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් ලේසි ක්‍රම තියනවා (ඉතින් රූට් කරන එක තමා අමාරුව)



ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේ මූලික මතකය ලෙස SD Card එක තෝරගත හැකියි. මේ සඳහා රොම් මැනේජර් හෝ ඊට සමාන රූට් ඇක්සස් සහිත ඇප් එකක් භාවිතා කිරීමට පුලුවන්.
ස්ටොක් ඇප්ස් ඉවත් කිරීමට සහ කාඩ් එකට මූව් කිරීමට පුළුවන්.
කලින් අවස්ථාවලදි මූව් කරගත නොහැකි වූ ඇප්ස් සියල්ලම කාඩ් එකට දැමීමට පුලුවන්.


මම නම් මේ සඳහා ලින්ක් ටු එස් ඩී ඇප් එක යෝජනා කරනවා. හැබැයි ROOT කරලානම් විතරයි.


සැ.යු:- ඇප්ස් එස් ඩී කාඩ් එකට මූව් කර හැකි ඇප්ස් බොහෝමයක් ගූග්ල් ප්ලේ හි ඇති අතර, මේවායින් අපි කලින් කතා කරපු දේම තමයි වෙන්නේ. එනම් අපිට මූව් කරන්න බැරි ඇප්ස් මේවටත් බෑ. ඉතින් ඔක්කොම කරලා කරගන්ඩ බැරි නම් රූ කරන්ඩ තමයි තියෙන්නේ


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Wipe,,flashing,,rom,,kernel ගැන ඉගනගමු


                         

                                        Wipe




දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.


                                             Flashing


රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ.


මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.


                                               ROM


රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින් සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ


                                             Kernel
මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.

Saturday, June 27, 2015

PC එකම දැන් Mobile Phone එකට


PC එකම දැන් Mobile Phone එකට





 


ඔන්න යාලුවනේ හා හා පුරා කියල සුපිරි පෝස්ට් එකක් තමා මන් ඔයාලට ගෙනාවෙ. මේක පොඩි App එකක්. හැබැයි කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. අපි බලමු මොනාද කරන්න පුලුවන් කියල.


• Mouse: Left, right clicks, scrolling, zooming, drag n drop, multi finger gestures
• Keyboard: full keyboard support including control, shift, alt, tab, function and other special keys
• Volume control
• Remote Desktop
• Windows Media Center
• Zune
• iTunes, Spotify, Media Player Classic, XMBC, VLC, Netflix, Hulu
• PowerPoint remote
• Power controls: shutdown, logoff, sleep, hibernate, turn on/off monitors etc.
• Password protection, Encrypted data transfer, Domain network support




පැහැදිලියිනෙ මේකෙන් අපිට අපේ දුරකථනයෙන් පරිගණකයේ Mouse එකේ ඉදන් Remote Desktopදක්වා ඕනෙම දෙයක් කරන්න පුලුවන්. පරිගනකය අල්ලන්නෙවත් නැතුව. PowerPoint Presentation එකක් වුනත් අපිට අපේ දුරකතනය යොදා ගෙන අලුත් විදිහට කරන්න පුලුවන්.


මුලින්ම ඔයාලගෙ දුරකතනයේ OS එක අනුව App එක පහතින් Download කරගන්න.

OR



ඊට පස්සෙ ඔයාල ඔයාලගෙ පරිගනකයට පොඩි Software එකක් Install කරන්න ඔනෙ.ඒක පහතින් Download කරගන්න.




Download Server on PC




හැබැයි මේ Software එක දාගන්න ඔයාලගෙ පරිගණකයේ .NET 4.0 තියෙන්න ඔනෙ. නැතිනම් ඒකත් මෙතනින් බා ගන්න.


දැන් වැඩේ හරි. ඔයාලගෙ PC එකයි Phone එකයි එකම Network එකක තියෙන්න ඔනෙ මේක වැඩ කරන්නනම්. ඒකට හරියන hotspot එකත් අපිට මේ software එකෙන් ගහගන්න පුලුවන්.

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks